ශු. මාර්ක් 3:1-33

ශු. මාර්ක් 3:1-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. සබතේදී උන්වහන්සේ ඔහු සුව කරත් දැයි බලා, උන්වහන්සේට චෝදනා කරන පිණිස, ඔවුහු යේසුස්වහන්සේ දෙස විමසිල්ලෙන් බලා වුන්හ. උන්වහන්සේ අත අප්‍රාණික මිනිසා අමතමින්, “නැගිට ඇවිත් මෙතැන සිටින්නැ” යි කී සේක. ඉන්පසු ඔවුන් අමතමින්, “සබතේ දවසේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතය ගැලවීම ද? නැති නම් වැනසීම දැ?” යි ඇසූ සේක. එහෙත් ඔවුහු නිශ්ශබ්ද ව සිටියහ. කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි. පරිසිවරු පිටත් ව ගොස්, එකෙණෙහි ම හෙරෝදියයන් සමඟ රැස් වී, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ. යේසුස්වහන්සේ එතැනින් නික්ම, තම ගෝලයින් සමඟ මුහුද වෙත පැමිණි සේක. ගලීලයෙන් අති මහත් ජනකායක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ කළ සියලු දෑ ගැන අසා තිබූ මහත් සමූහයක් යුදයෙන්, යෙරුසලමෙන්, ඉදුමයෙන්, යොර්දාන් එගොඩින්, තීර් හා සීදොන් අවටින් යන පෙදෙස්වලින් උන්වහන්සේ වෙත ආහ. සමූහයා නිසා තෙරපීමෙන් වැළකීමට තමන්ට කුඩා ඔරුවක් සූදානම් කරන ලෙස, උන්වහන්සේ තම ගෝලයින්ට කී සේක. මන්ද උන්වහන්සේ බොහෝ දෙනකු සුව කර තිබූ හෙයින්, රෝගීවූවෝ උන්වහන්සේට අත ගසන්නට, පොදි කකා ඉදිරියට තල්ලුවී ආවෝ ය. තවද අශුද්ධාත්මයෝ උන්වහන්සේ දුටු විට උන්වහන්සේ ඉදිරියේ වැටී, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ඔබ යැ” යි මොර ගැසුවෝ ය. එහෙත් තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ දොළොස් දෙනකු තෝරාගත් සේක. එසේ කළේ, ඔවුන් උන්වහන්සේ සමඟ සිටින පිණිසත්, දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන් පිටත් කර හරින පිණිසත්, යක්ෂාත්මයන් දුරු කිරීමේ බලය ඔවුන් දරන පිණිසත් ය. එසේ තෝරාගත් දොළොස් දෙනා: (උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ) සීමොන්, (උන්වහන්සේ “ගර්ජනාවේ පුත්‍රයෝ” යන අරුතින් බෝවනර්ගස් යන නම දුන්) සෙබදීගේ පුත්‍රයෝ වන යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන්, අන්දෘ, පිලිප්, බර්තොලමෙව්, මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, තද්දෙවුස්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය. ඉන්පසු උන්වහන්සේ නිවසට ගිය සේක. සමූහයා යළි රැස්වූයෙන්, ඔවුන්ට අහර ගැනීමට තරම් වත් ඉඩක් නො ලැබිණි. උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ. තවද යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු, “මොහුට බෙල්සෙබුල් ආවේශ වෙලා! මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ. එහෙයින් උන්වහන්සේ තමා වෙත ඔවුන් කැඳවා, උපමාවලින් ඔවුන්ට කතා කරමින්, “සාතන්ට, සාතන් දුරු කළ හැක්කේ කෙසේ ද? රාජ්‍යයක් එයට ම එරෙහිව බෙදුනහොත් එම රාජ්‍යයට පැවතිය නො හැක. නිවසක් එයට ම එරෙහිව බෙදුනහොත් එම නිවසට පැවතිය නො හැක. සාතන් තමන්ට ම එරෙහිව නැගිට, බෙදුනහොත් ඔහුට පැවතිය නො හැකි ය. එය ඔහුගේ අවසානයයි. පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ කොල්ලකන්නට කිසිවකුටත් නුපුළුවන. බැඳ දැමූ පසු, ඔහුගේ නිවස ම කොල්ලකත හැකි වෙයි. සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය-පුත්‍රයින්ගේ සියලු පාප හා ඔවුන් පවසන දේවාපහාස ඔවුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කිසිවකුට කිසි කලෙක කමාවක් නැත. ඔහු සදාතන පාපයකට වරදකරු වී සිටිතැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ පැවසුවේ, “මොහුට අපවිත්‍ර ආත්මයක් ඇතැ” යි ඔවුන් කී බැවිනි. එවිට උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, පිටත සිටිමින්, උන්වහන්සේ කැඳවමින් පණිවුඩ යැවූහ. උන්වහන්සේ වටකර වාඩි වී සිටි සමූහයා, “ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත සිටිති” යි උන්වහන්සේට දැන්වූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා

ශු. මාර්ක් 3:1-33 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය. උන්වහන්සේ: නැගිට ඉදිරියට එන්නැයි වියළුණු අත ඇති මනුෂ්‍යයාට කියා, ඔවුන්ට කථාකොට–සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය. උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය. ඵරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේද කියා උන්වහන්සේට විරුද්ධව හෙරෝදිවරුන් සමඟ එකෙණෙහිම මන්ත්‍රණයකළෝය. යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමඟ මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ගියෝය. යුදයෙන්ද යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය. සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක. මක්නිසාද උන්වහන්සේ බොහෝ දෙනෙකු සුවකළ හෙයින් රෝගවලින් පීඩිතවූ සියල්ලෝම උන්වහන්සේගේ ඇඟේ අත් තබන්ට උන්වහන්සේට තෙරපීගන ආවෝය. අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු කල උන්වහන්සේ ඉදිරියෙහි වැටී: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි මොරගසා කීවෝය. තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස උන්වහන්සේ බොහෝසේ ඔවුන්ට අණකළසේක. උන්වහන්සේ කන්දට නැගී තමන්වහන්සේ කැමතිවූවන් තමන් ළඟට කැඳෙවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය. උන්වහන්සේද තමන් සමඟ සිටින පිණිසත්, දේශනාකරන්ට පිටත්කර අරින පිණිසත්, යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත්, දොළොස්දෙනෙකු නියමකළසේක. (ඔව්හු කවුරුද යත්:) උන්වහන්සේ විසින් පේතෘස්යයි නම්කළ සීමොන්ද, ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද, අන්දෘ සහ පිලිප්ද, බර්තොලොමෙව් සහ මතෙව්ද, තෝමස් සහ අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද, තද්දියුස් සහ කානානියවූ සීමොන්ද, උන්වහන්සේ පාවාදුන් යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය. උන්වහන්සේ ගෙදරකට පැමිණිසේක. ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය. උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය. යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද? යම් රාජ්‍යයක් ඒකටම විරුද්ධව භේද වුණොත් ඒ රාජ්‍යය පවතින්ට නොහැකිය. යම් ගෙයක් ඒකටම විරුද්ධව භේදවුණොත් ඒ ගෙය පවතින්ට නොහැකිවන්නේය. සාතන් තමාටම විරුද්ධව නැගිට භේදවේ නම් ඔහු පවතින්ට නොහැකිව කෙළවරවෙයි. නුමුත් බලවන්තයා පළමුකොට බැඳලා මිස ඔහුගේ ගෙට වැද ඔහුගේ බඩු කොල්ලකන්ට කාටවත් නුපුළුවන; බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය. සැබවක් නුඹලාට කියමි–මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය. නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක. මෙසේ කීවේ උන්වහන්සේට අශුද්ධාත්මයක් ඇත්තේයයි ඔවුන් කී බැවින්ය. එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඇවිත් පිටත සිට උන්වහන්සේ කැඳවන්ට යැවුවෝය. සමූහයක් උන්වහන්සේ අවට වාඩිවී උන්නේය. බැලුව මැනව, ඔබවහන්සේගේ මෑණියොත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයතියි ඔව්හු උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා

ශු. මාර්ක් 3:1-33 Sinhala New Revised Version (NRSV)

තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ. උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, “නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය. එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ. සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. අශුද්ධාත්මයෝ ද උන් වහන්සේ දුටු හැම විට ම උන් වහන්සේගේ පාමුල වැඳ වැටී, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි මොරගා කී හ. තමා කවරෙක් දැ යි හෙළි නොකරන ලෙස උන් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්, දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇති ව සිටින පිණිසත් ය, එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද, ‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය. උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි. ජෙරුසලමෙන් ආ විනයධරයෝ, “මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, “දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: “සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි. “සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.” මෙසේ වදාළේ, “උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි. එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, “අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්

ශු. මාර්ක් 3:1-33 Sinhala New Revised Version 2018 (SNRV)

තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ. උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, “නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය. එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ. සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. අශුද්ධාත්මයෝ ද උන් වහන්සේ දුටු හැම විට ම උන් වහන්සේගේ පාමුල වැඳ වැටී, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි මොරගා කී හ. තමා කවරෙක් දැ යි හෙළි නොකරන ලෙස උන් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට අපෝස්තුළුවරු යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්, දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇති ව සිටින පිණිසත් ය, එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද, ‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය. උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි. ජෙරුසලමෙන් ආ විනයධරයෝ, “මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, “දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: “සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි. “සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.” මෙසේ වදාළේ, “උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි. එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, “අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්

ශු. මාර්ක් 3:1-33 New International Version (NIV)

Another time Jesus went into the synagogue, and a man with a shriveled hand was there. Some of them were looking for a reason to accuse Jesus, so they watched him closely to see if he would heal him on the Sabbath. Jesus said to the man with the shriveled hand, “Stand up in front of everyone.” Then Jesus asked them, “Which is lawful on the Sabbath: to do good or to do evil, to save life or to kill?” But they remained silent. He looked around at them in anger and, deeply distressed at their stubborn hearts, said to the man, “Stretch out your hand.” He stretched it out, and his hand was completely restored. Then the Pharisees went out and began to plot with the Herodians how they might kill Jesus. Jesus withdrew with his disciples to the lake, and a large crowd from Galilee followed. When they heard about all he was doing, many people came to him from Judea, Jerusalem, Idumea, and the regions across the Jordan and around Tyre and Sidon. Because of the crowd he told his disciples to have a small boat ready for him, to keep the people from crowding him. For he had healed many, so that those with diseases were pushing forward to touch him. Whenever the impure spirits saw him, they fell down before him and cried out, “You are the Son of God.” But he gave them strict orders not to tell others about him. Jesus went up on a mountainside and called to him those he wanted, and they came to him. He appointed twelve that they might be with him and that he might send them out to preach and to have authority to drive out demons. These are the twelve he appointed: Simon (to whom he gave the name Peter), James son of Zebedee and his brother John (to them he gave the name Boanerges , which means “sons of thunder”), Andrew, Philip, Bartholomew, Matthew, Thomas, James son of Alphaeus, Thaddaeus, Simon the Zealot and Judas Iscariot, who betrayed him. Then Jesus entered a house, and again a crowd gathered, so that he and his disciples were not even able to eat. When his family heard about this, they went to take charge of him, for they said, “He is out of his mind.” And the teachers of the law who came down from Jerusalem said, “He is possessed by Beelzebul! By the prince of demons he is driving out demons.” So Jesus called them over to him and began to speak to them in parables: “How can Satan drive out Satan? If a kingdom is divided against itself, that kingdom cannot stand. If a house is divided against itself, that house cannot stand. And if Satan opposes himself and is divided, he cannot stand; his end has come. In fact, no one can enter a strong man’s house without first tying him up. Then he can plunder the strong man’s house. Truly I tell you, people can be forgiven all their sins and every slander they utter, but whoever blasphemes against the Holy Spirit will never be forgiven; they are guilty of an eternal sin.” He said this because they were saying, “He has an impure spirit.” Then Jesus’ mother and brothers arrived. Standing outside, they sent someone in to call him. A crowd was sitting around him, and they told him, “Your mother and brothers are outside looking for you.” “Who are my mother and my brothers?” he asked.