ශු. මාර්ක් 2:11-12
ශු. මාර්ක් 2:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක. ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහි ම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත් ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්රශංසා කළහ.
ශු. මාර්ක් 2:11-12 Sinhala Revised Old Version (SROV)
නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නැයි නුඹට කියමියි කීසේක. ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්රශංසා කළෝය.
ශු. මාර්ක් 2:11-12 Sinhala New Revised Version (NRSV)
“නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. ඔහු නැඟිට එකෙණෙහි ම යහන රැගෙන පිරිස බලා සිටිය දී ම නික්ම ගියේ ය. සියල්ලෝ ම විස්මිත ව, “මෙවැන්නක් අප කවදාවත් දැක නැතැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්රශංසා කළහ.
ශු. මාර්ක් 2:11-12 Sinhala New Revised Version 2018 (SNRV)