ශු. මාර්ක් 16:6-8 - Compare All Versions
ශු. මාර්ක් 16:6-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔහු කතා කොට, “බය වන්න එපා; ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද නාසරෙත්හි යේසුස්වහන්සේයි. උන්වහන්සේ නැගිටුණා! උන්වහන්සේ මෙහි නැත. බලන්න! ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ තැන! එහෙත් දැන් උන්වහන්සේගේ ගෝලයින් හා පේතෘස් වෙත ගොස්, ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන වගත්, උන්වහන්සේ ඔබට පැවසූ ලෙස එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇති වගත් කියන්නැ’ යි” පැවසී ය. එහෙත් ඔවුන් පිට වී, සොහොන වෙතින් පලා ගියහ. වෙවුලුම හා විස්මය ඔවුන් වෙළාගත් බැවින් ඔවුන් කිසිවකුට කිසිවක් කීවේ නැත. මන්ද ඔවුහු බයවී සිටියහ.
ශු. මාර්ක් 16:6-8 SROV (Sinhala Revised Old Version)
ඔහු ඔවුන්ට කථාකොට: භීත නොවෙන්න. නුඹලා වනාහි කුරුසියෙහි ඇණගසනලද නාසරිය යේසුස්වහන්සේ සොයන්නහුය. උන්වහන්සේ නැගුටුණුසේක; උන්වහන්සේ මෙහි නැත. මෙන්න, ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය! නුමුත් නුඹලා ගොස්: උන්වහන්සේ නුඹලාට පළමුවෙන් ගලීලයට යනසේකැයි කියාත් උන්වහන්සේ නුඹලාට කී ලෙස එහිදී නුඹලා උන්වහන්සේ දකිනවා ඇත කියාත් උන්වහන්සේගේ ගෝලයන්ටද පේතෘස්ටද කියන්නැයි කීවේය. ඔව්හු පිටතට ඇවිත්, සොහොන් ගෙයින් පලාගියෝය; මක්නිසාද වෙවුලුම සහ විස්මයත් ඔවුන් කෙරෙහි පැමිණ තිබුණේය. ඔව්හු භයව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකීවෝය.
ශු. මාර්ක් 16:6-8 NRSV (Sinhala New Revised Version)
ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය; යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය. ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ.
ශු. මාර්ක් 16:6-8 SNRV (Sinhala New Revised Version 2018)
ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය; යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය. ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ.
ශු. මාර්ක් 16:6-8 NIV (New International Version)
“Don’t be alarmed,” he said. “You are looking for Jesus the Nazarene, who was crucified. He has risen! He is not here. See the place where they laid him. But go, tell his disciples and Peter, ‘He is going ahead of you into Galilee. There you will see him, just as he told you.’ ” Trembling and bewildered, the women went out and fled from the tomb. They said nothing to anyone, because they were afraid. [The earliest manuscripts and some other ancient witnesses do not have verses 9–20.]