ශු. මාර්ක් 15:45-47
ශු. මාර්ක් 15:45-47 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය. යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය. මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ.
ශු. මාර්ක් 15:45-47 Sinhala Revised Old Version (SROV)
ඒ බව හෙතෙම සියයකට මුලාදෑනියාගෙන් දැනගෙන, යෝසෙප්ට මිනිය භාරදුන්නේය. ඔහු හණ රෙද්දක් මිලේට ගෙන, උන්වහන්සේ බාගෙන ඒ රෙද්දෙහි ඔතා, පර්වතයක කපනලද සොහොන්ගෙයක තබා, එහි දොරකඩට ගලක් පෙරළා තැබුවේය. මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය.
ශු. මාර්ක් 15:45-47 Sinhala New Revised Version (NRSV)
ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය. ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය. මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.
ශු. මාර්ක් 15:45-47 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය. ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය. මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.
ශු. මාර්ක් 15:45-47 New International Version (NIV)
When he learned from the centurion that it was so, he gave the body to Joseph. So Joseph bought some linen cloth, took down the body, wrapped it in the linen, and placed it in a tomb cut out of rock. Then he rolled a stone against the entrance of the tomb. Mary Magdalene and Mary the mother of Joseph saw where he was laid.