ශු. මාර්ක් 15:1-41

ශු. මාර්ක් 15:1-41 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උදය වූ විගස නායක පූජකවරු, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් හා මුළු මන්ත්‍රණ සභාව සමඟ සාකච්ඡා කොට, යේසුස්වහන්සේ බැඳ, ගෙන ගොස්, පිලාත්ට භාර දුන්හ. පිලාත්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “ඔබ එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ කී සේක. නායක පූජකවරු උන්වහන්සේට එරෙහිව බොහෝ දෑ ගැන චෝදනා කළහ. පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබට පිළිතුරක් නැති ද? බලන්න, මොවුන් ඔබට එරෙහිව මොන තරම් චෝදනා නගනවා දැ?” යි කීවේ ය. එහෙත් යේසුස්වහන්සේ පිළිතුරක් නො දී සිටි සේක. පිලාත් මවිත විය. ඔවුන් ඉල්ලන එක් සිරකරුවකු මංගල්‍යයේදී නිදහස් කර දෙන සිරිතක් විය. සිරගත කැරලිකරුවන් අතරේ, කැරැල්ලකදී මිනී මැරූ බරබ්බස් නැමැත්තෙක් ද සිටියේ ය. පිලාත් වෙත පැමිණි සමූහයා, සිරිත් පරිදි තමන්ට කර දෙන්නැයි ඉල්ලන්ට වන්හ. ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. මන්ද නායක පූජකයින් තමා ඉදිරියට උන්වහන්සේ ගෙනාවේ ඊර්ෂ්‍යාව නිසා වග පිලාත් දැන සිටියේ ය. එහෙත් ඒ වෙනුවට, තමන්ට බරබ්බස් නිදහස් කර ගැනීමට නායක පූජකවරු ජනයා පෙලඹ වූහ. “එසේ නම්, යුදෙව්වන්ගේ රජ යයි ඔබ කියන මේ මිනිසා ගැන මම කුමක් කරම් දැ?” යි පිලාත් නැවතත් ඔවුන්ගෙන් ඇසුවේ ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු කෑ ගැසූහ. පිලාත් ඔවුන්ට කතා කරමින්, “ඇයි? මොහු මොන අපරාධයක් කළාට දැ?” යි ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි වඩ වඩා මොර ගසන්නට වූහ. එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය. හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට උන්වහන්සේ ගෙන ගොස්, මුළු සේනාංකය ම කැඳවූහ. ඔවුහු යේසුස්වහන්සේට දම් පැහැති ලෝගුවක් හඳවා, කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, “යුදෙව් රජු දිනේවා!” යි ආචාර කරන්නට වූහ. ඔවුහු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට යළි යළි පහර දෙමින්, උන්වහන්සේට කෙළ ගසමින්, දණින් වැටී නමස්කාර කළහ. මෙසේ උන්වහන්සේට සරදම් කළ පසු, දම් පැහැති ලෝගුව ගලවා, උන්වහන්සේගේ ඇඳුම් හැඳ වූ ඔවුහු, ඉන්පසු කුරුසිපත් කරන පිණිස, උන්වහන්සේ පිටතට ගෙන ගියහ. ඇලෙක්සැන්ඩර්ගේ හා රූෆස්ගේ පියා වූ, ගම්බද සිට නගරයට එමින් සිටි මගියකු වූ සිරේනියානු සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු බල කළහ. ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ. ඔවුහු සුවඳලාටු මුසු මිදි යුෂ උන්වහන්සේට දුන් නමුත්, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක. කුරුසියේ උන්වහන්සේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගනිමින්, තමාට ලැබෙන්නේ කුමක් දැයි දැනගැනීමට පස ඇට දැමූහ. ඔවුන් උන්වහන්සේ කුරුසිපත් කරන විට තුන් වන පැය විය. උන්වහන්සේට එරෙහි චෝදනාව වශයෙන් ලියූ පුවරුවක් විය: “යුදෙව්වන්ගේ රජු.” එක් කෙනකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ සොරුන් දෙදෙනෙක් ද ඔවුහු කුරුසිපත් කළහ. “උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක” යන ශුද්ධ ලියවිලි පාඨය මෙසේ සම්පූර්ණ විය. එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, කුරුසියෙන් බැස නුඹ ම ගැලවෙනු!” යි කීහ. නායක පූජකවරු ද දහම් පඬිවරු ද එලෙස ම ඔවුනොවුන් අතර උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමා ම ගලවා ගන්න බැහැ! අප එය දැක බලා, විශ්වාස කරන පිණිස, ඉශ්‍රායෙල් රජ්ජුරුවන් වන මේ ක්‍රිස්තුස් දැන් ම කුරුසියෙන් බැස ආවා වේ!” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කරනු ලැබූවෝ ද උන්වහන්සේට නින්දා අපහාස කළහ. හය වන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් දුව ගොස් මූදු හත්තක් මිදි යුෂ-විනාකිරෙන් පොඟවා, දණ්ඩක අමුණා, උන්වහන්සේගේ මුවට ළං කරමින්, “බලන් ඉන්න. ඔහු බිමට ගන්න එලියා ඒදැයි බලමු” යි කී ය. මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. දේව මාලිගයේ තිරය, ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන් ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසී ය. ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ. උන්වහන්සේ ගලීලයේ සිටියදී උන්වහන්සේ අනුව ගිය ඔවුන් උන්වහන්සේට උපස්ථාන කර තිබිණි. උන්වහන්සේ සමඟ යෙරුසලමට පැමිණි තවත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ.

ශු. මාර්ක් 15:1-41 Sinhala New Revised Version (NRSV)

පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ. පිලාත් ද, “ජුදෙව්වරුන්ගේ රජ ඔබ දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. උන් වහන්සේ උත්තර දෙමින්, “එසේ කියන්නේ ඔබ ය”යි වදාළ සේක. නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ. පිලාත් නැවත කතා කොට, “ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය. එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය. මංගල්‍යයේ දී සෙනඟ ඉල්ලා සිටින හිරකරුවෙකු නිදහස් කරදීම, පිලාත්ගේ සිරිත විය. කැරලි කෝලාහල කොට, මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය. සමූහයා එක් ව ගොස්, පෙරසිරිත ඉටු කරන ලෙස පිලාත්ගෙන් අයැදින්නට පටන්ගත්හ. පිලාත් උත්තර දෙමින්, “මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එසේ කෙළේ, නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහී තිබුණු බැවිනි. එහෙත්, උන් වහන්සේ වෙනුවට බරබ්බස් නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න නායක පූජකවරු ජනයා පෙළඹවූ හ. පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්, “එසේ නම්, ‘ජුදෙව්වරුන්ගේ රජ ය’යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්න දැ”යි ඇසී ය. “කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු යළිත් මොරගැසූ හ. එකල පිලාත්: “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එහෙත් ඔව්හු “කුරුසියෙහි ඇණ ගසන්නැ”යි වැඩි වැඩියෙන් මොරගැසූ හ. පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැති ව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය. මුර සෙබළෝ උන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූ හ. ඔව්හු උන් වහන්සේට නීල-රක්ත වස්ත්‍රයක් හඳවා, කටු කිරුළක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට ආචාර කරන්න පටන් ගත්හ. ඔව්හු බට දණ්ඩකින් උන් වහන්සේගේ හිසට ගසා, උන් වහන්සේට කෙළ ගසා, දණ නමා උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ. උන් වහන්සේට ගැරහුම් කළ පසු ඔව්හු නීල-රක්ත වස්ත්‍රය ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අන්දවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස ගෙන ගියහ. අලෙක්සන්දර්ගේ ද රූපස්ගේ ද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මඟියෙකුට උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු බල කළහ. ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ. සුවඳලාටු මුසු මුද්‍රික පානය උන් වහන්සේට දෙන ලද්දේ ය. එහෙත්, උන් වහන්සේ එය නොපිළිගත් සේක. ඔව්හු උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසා, උන් වහන්සේගේ ඇඳුම් තම තමන් අතර බෙදාගනිමින්, එක් එක්කෙනා කුමක් ගන්න දැ යි බලන පිණිස ඒවා ගැන දාදු දැමූ හ. ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය. “ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි. තවද, ඔව්හු සොරුන් දෙදෙනෙකු එක් කෙනෙකු දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගැසූ හ. ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන්ගනු ලැබූ සේක’ යන ශුද්ධ ලියවිල්ල මෙසේ ඉටු විය. මඟ යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්, “හහා! දේව මාලිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. එලෙස ම නායක පූජකවරු විනයධරයන් සමඟ තම තමන් අතර උන් වහන්සේට කවටකම් කරමින්, “මොහු අනුන් ගැළවී ය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකි ය. අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ. මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි. සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි. බලා සිටිය අයගෙන් සමහරෙක් ඒ අසා, “අන්න, ඔහු එලියාට හඬගසයි” කී හ. කෙනෙක් දිව ගොස් මූදුහත්තක් විනාකිරෙහි පොඟවා, බට ලීයක ගසා උන් වහන්සේට බොන්න දී, “ටිකක් ඉන්න, මොහු බස්වාලීමට එලියා එන්නේ ද කියා බලමු”යි කී හ. ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක. එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය. උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය. ස්ත්‍රීහු ද දුරින් බලා සිටියහ. ඔවුන් අතර, ගලීලයේ සිටිය දී උන් වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේ ද ජෝසෙප්ගේ ද මව වූ මරියාත්, සලෝමිත්, උන් වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.

ශු. මාර්ක් 15:1-41 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මාර්ක් 15:1-41 New International Version (NIV)

Very early in the morning, the chief priests, with the elders, the teachers of the law and the whole Sanhedrin, made their plans. So they bound Jesus, led him away and handed him over to Pilate. “Are you the king of the Jews?” asked Pilate. “You have said so,” Jesus replied. The chief priests accused him of many things. So again Pilate asked him, “Aren’t you going to answer? See how many things they are accusing you of.” But Jesus still made no reply, and Pilate was amazed. Now it was the custom at the festival to release a prisoner whom the people requested. A man called Barabbas was in prison with the insurrectionists who had committed murder in the uprising. The crowd came up and asked Pilate to do for them what he usually did. “Do you want me to release to you the king of the Jews?” asked Pilate, knowing it was out of self-interest that the chief priests had handed Jesus over to him. But the chief priests stirred up the crowd to have Pilate release Barabbas instead. “What shall I do, then, with the one you call the king of the Jews?” Pilate asked them. “Crucify him!” they shouted. “Why? What crime has he committed?” asked Pilate. But they shouted all the louder, “Crucify him!” Wanting to satisfy the crowd, Pilate released Barabbas to them. He had Jesus flogged, and handed him over to be crucified. The soldiers led Jesus away into the palace (that is, the Praetorium) and called together the whole company of soldiers. They put a purple robe on him, then twisted together a crown of thorns and set it on him. And they began to call out to him, “Hail, king of the Jews!” Again and again they struck him on the head with a staff and spit on him. Falling on their knees, they paid homage to him. And when they had mocked him, they took off the purple robe and put his own clothes on him. Then they led him out to crucify him. A certain man from Cyrene, Simon, the father of Alexander and Rufus, was passing by on his way in from the country, and they forced him to carry the cross. They brought Jesus to the place called Golgotha (which means “the place of the skull”). Then they offered him wine mixed with myrrh, but he did not take it. And they crucified him. Dividing up his clothes, they cast lots to see what each would get. It was nine in the morning when they crucified him. The written notice of the charge against him read: THE KING OF THE JEWS. They crucified two rebels with him, one on his right and one on his left. Those who passed by hurled insults at him, shaking their heads and saying, “So! You who are going to destroy the temple and build it in three days, come down from the cross and save yourself!” In the same way the chief priests and the teachers of the law mocked him among themselves. “He saved others,” they said, “but he can’t save himself! Let this Messiah, this king of Israel, come down now from the cross, that we may see and believe.” Those crucified with him also heaped insults on him. At noon, darkness came over the whole land until three in the afternoon. And at three in the afternoon Jesus cried out in a loud voice, “Eloi, Eloi, lema sabachthani?” (which means “My God, my God, why have you forsaken me?”). When some of those standing near heard this, they said, “Listen, he’s calling Elijah.” Someone ran, filled a sponge with wine vinegar, put it on a staff, and offered it to Jesus to drink. “Now leave him alone. Let’s see if Elijah comes to take him down,” he said. With a loud cry, Jesus breathed his last. The curtain of the temple was torn in two from top to bottom. And when the centurion, who stood there in front of Jesus, saw how he died, he said, “Surely this man was the Son of God!” Some women were watching from a distance. Among them were Mary Magdalene, Mary the mother of James the younger and of Joseph, and Salome. In Galilee these women had followed him and cared for his needs. Many other women who had come up with him to Jerusalem were also there.