ශු. මාර්ක් 14:10-52
ශු. මාර්ක් 14:10-52 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකවරුන් වෙත ගියේ, උන්වහන්සේ ඔවුන් අතට පාවා දෙන පිණිස ය. ඒ ඇසීමෙන් සතුටට පත් වූ ඔවුහු, ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. එහෙයින්, ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය. පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ. උන්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කරමින්, “නගරයට ගොස්, එහිදී වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසු පස යන්න. ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න. අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක. ගෝලයෝ පිටත් ව, නගරයට පිවිස, උන්වහන්සේ කී පරිදි සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය. සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ පැමිණි සේක. ඔවුන් මේසයට හිඳ, ආහාර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබගෙන් කෙනෙක්, මා සමඟ ආහාර ගන්නා ඔබගෙන් කෙනෙක්, මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක. ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ, දොළොස් දෙනාගෙන් කෙනෙකි; මා සමඟ තලියේ අත ලූ තැනැත්තා ය. උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක. ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මගේ ශරීරය යැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය. උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මගේ ගිවිසුමේ ලෙය මෙයයි. සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී අලුතින් පානය කරන තෙක්, නැවතත් මා මිදි වැලේ පලයෙන් පානය කරන්නේ නැතැ” යි පැවසූ සේක. ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ. යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද: “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබති’ යි ලියා තිබේ. එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක. පේතෘස් කතා කරමින්, “හැම දෙනා ඔබ මග හැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, අද, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක් ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක. එහෙත්, “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේ ම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ. ඔවුහු ගෙත්සෙමන නම් ස්ථානයට ගියහ. ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මා යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී, ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මෙහි නැවතී අවදියෙන් ඉන්නැ” යි කී සේක. එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, හැකි නම් ඒ පැය තමන් වෙතින් ඉවත් කරන මෙන් යාච්ඤා කරමින්, “අබ්බා පියාණෙනි, ඔබට හැම දෙයක් ම පුළුවන. මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත්, මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත වේවා” යි පැවසූ සේක. උන්වහන්සේ ආපසු ගෝලයින් වෙත පැමිණ, ඔවුන් නිදා සිටිනු දැක, පේතෘස් අමතමින්, “සීමොන් ඔබ නිදි ද? ඔබට එක පැයක් අවදියෙන් ඉන්න බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක. නැවතත් ඉවතට ගිය උන්වහන්සේ එම වචන ම කියමින් යාච්ඤා කළ සේක. උන්වහන්සේ ආපසු පැමිණි කල, ඔවුන් නැවතත් නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. උන්වහන්සේට කුමක් කියන්නදැයි ඔවුහු නො දත්හ. උන්වහන්සේ තුන් වන වරටත් ඔවුන් වෙත පැමිණ, ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? දැන් ඇති; පැය පැමිණිලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න; අපි යමු. මෙන්න මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක. එකෙණෙහි උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ආවේ ය; ඔහු සමඟ කඩු මුගුරු රැගත් පිරිසක් වූහ. ඔවුහු නායක පූජකයින්, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් විසින් එවනු ලැබූවෝ වූහ. “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි. ඔහු අල්ලා රැකවල් ලා, ගෙන යන්නැ” යි පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණ. මෙසේ ඔහු පැමිණ උන්වහන්සේ වෙත ගොස්, “රබ්බී” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය. ඔවුහු උන්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. ළඟ සිටියවුන්ගෙන් කෙනෙක් තම කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට කොටා, ඔහුගේ කන කපා දැමී ය. ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සොරකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ නුඹලා අතර උගන්වමින් සිටියෙමි; නුඹලා මා අල්ලා ගත්තේ නැත. එනමුත් ශුද්ධ ලියවිලි ඉෂ්ට විය යුතු යැ” යි කී සේක. එවිට සැවොම උන්වහන්සේ අත්හැර, පලා ගියහ. හණ රෙද්දකින් පමණක් සිරුර වසා ගත් තරුණයෙක් උන්වහන්සේ පසු පස ගියේ ය. ඔවුන් ඔහු අල්ලා ගත් කල, ඔහු රෙද්ද හැර නිරුවතින් පලා ගියේ ය.
ශු. මාර්ක් 14:10-52 Sinhala Revised Old Version (SROV)
දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් ඉස්කාරියොත් උන්වහන්සේ නායක පූජකයන්ට පාවාදෙන පිණිස ඔවුන් වෙතට ගියේය. ඔව්හු ඒ අසා සතුටුව ඔහුට මිල දෙන්ට පොරොන්දු වූවෝය. එවිට ඔහු උන්වහන්සේ පාවාදීමට පහසු ප්‍රස්තාවක් සෙවීය. පාස්කුව පූජාකරන මුහුන් නුමුසු රොටි කන පළමුවෙනි දවසේ උන්වහන්සේගේ ගෝලයෝ: ඔබ පාස්කුව කන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට කැමතිසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින් ඔවුන්ට කියනසේක්: නුවරට යන්න, එකල වතුර කළයක් ගෙන යන මනුෂ්‍යයෙක් නුඹලාට සම්බවන්නේය. ඔහු පස්සේ ගොස්, ඔහු යම් ගෙදරකට ඇතුල්වන්නේද එහි ස්වාමියාට කථාකොට–මාගේ ගෝලයන් සමඟ මා විසින් පාස්කුව කන මාගේ ආගන්තුක ශාලාව කොතැන්හිදැයි ආචාරීන්වහන්සේ අසනසේකැයි කියන්න. එවිට සූදානම්ව පිළියෙළකර තිබෙන මහත් උඩුමහලක් ඔහුම නුඹලාට පෙන්වන්නේය. එහි අපට පිළියෙළකරන්නැයි කීසේක. ගෝලයෝ ගොස්, නුවරට පැමිණ, උන්වහන්සේ ඔවුන්ට කී ලෙසම සම්බව, පාස්කුව පිළියෙළකළෝය. සවස්වූ කල උන්වහන්සේ දොළොස්දෙනා සමඟ ආසේක. ඔවුන් හාන්සිවී කමින් සිටියදී යේසුස්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–මා සමඟ කන්නාවූ කෙනෙක් වන නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක. ඔව්හු ශෝකවන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා: මමද මමදැයි උන්වහන්සේගෙන් අසන්ටත් පටන්ගත්තෝය. උන්වහන්සේද: දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ මා සමඟ තළියේ අත ලන තැනැත්තේය. මක්නිසාද තමා ගැන ලියා තිබෙන හැටියටම මනුෂ්‍ය පුත්‍රයා යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට හොඳයයි කීසේක. ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දී: ගන්න. මේක මාගේ ශරීරයයයි කීසේක. උන්වහන්සේ කුසලානක්ද ගෙන ස්තුතිකොට ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලෝ එයින් බීවෝය. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය. සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී මුද්‍රිකඵල අලුතෙන් බොන දවස දක්වා එය තවත් නොබොන්නෙමියි කීසේක. ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය. එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම බාධාවන්නහුය. මක්නිසාද–මම එඬේරාට පහරදෙන්නෙමි, එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝයයි ලියා තිබේ. එසේ වී නුමුත් මම නැගුටුවනු ලැබූ පසු නුඹලාට පෙරටුව ගලීලයට යන්නෙමියි ඔවුන්ට කීසේක. එහෙත් පේතෘස් කථාකොට: සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමියි උන්වහන්සේට කීය. යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු: මට ඔබවහන්සේ සමඟ නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් තැතැයි ඉතා තදලෙස කීවේය. ඔවුන් සියල්ලෝද එසේම කීවෝය. ඔව්හු ගෙත්සෙමනේ නම්වූ ස්ථානයකට පැමුණුණෝය. උන්වහන්සේද: මා යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉන්නැයි ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නය කියා, මඳක් ඉස්සරහට ගොස්, බිම වැටී, පුළුවන් නම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාච්ඤාකරමින්: අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක. උන්වහන්සේ ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: සීමොන්, නුඹ නිදාඉන්නවාද? නුඹට එක පැයක් අවදිව ඉන්ට බැරිවුණ ද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක. උන්වහන්සේ නැවතත් ගොස් එම වචනම කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ නැවත හැරී ඇවිත්, ඔවුන් නිදාඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් ඉතා නිදිබරව තිබුණේය; උන්වහන්සේට මොන උත්තරයක් දෙන්ටදැයි ඔව්හු නොදැන සිටියෝය. උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියනසේක්: දැන් නිදාගන නිවාඩු ගන්න; ඉතින් ඇත; පැය පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි. නැගිටින්න, අපි යමු. මෙන්න, මා පාවාදෙන්නා ළඟයයි කීසේක. එකෙණෙහිම, උන්වහන්සේ කථාකරද්දීම, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් ලියන්නන් හා වැඩිමහල්ලන් කෙරෙන් සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආවෝය. උන්වහන්සේ පාවාදෙන්නා කථාකොට: මම යමෙකු සිඹගනිම්ද ඒ ඔහුය; ඔහු අල්ලා ප්‍රවේසමෙන් අරගන යන්නැයි ලකුණක් ඔවුන්ට දී තිබුණේය. ඔහු ආ කෙණෙහිම උන්වහන්සේ ළඟට පැමිණ: රබ්බි කියා උන්වහන්සේ සිඹගත්තේය. ඔව්හුද උන්වහන්සේ පිට අත්හෙළා උන්වහන්සේ අල්ලාගත්තෝය. ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මම දේව මාළිගාවේ උගන්වමින් දවස්පතා නුඹලා සමඟ සිටියෙමි, නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් ලියවිලි සම්පූර්ණවෙන පිණිස මෙසේ සිදුවීයයි කීසේක. එවිට සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය. තමාගේ නග්න ශරීරයෙහි හණ රෙද්දක් පොරාගත් එක්තරා තරුණයෙක් උන්වහන්සේ පස්සේ ගියේය. ඔව්හු ඔහු ඇල්ලුවෝය; නුමුත් ඔහු හණ රෙද්ද අත්හැර, නග්නව පලාගියේය.
ශු. මාර්ක් 14:10-52 Sinhala New Revised Version (NRSV)
දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය. ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න. එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ. සවස් වූ කල උන් වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක. ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය. ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේ ද ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, “ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ. සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක. ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ. තවද, ජේසුස් වහන්සේ කතා කරමින්, “ඔබ හැම දෙන ම පැකිළෙන්නහු ය; මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ලියා තිබේ. කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඔහු “මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ. ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක. උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා, මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්, “අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, “සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක. උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක. ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ. උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක. ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ. “මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි. ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ. ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමඟ සිටියෙමි; එහෙත් ඔබ මා අල්ලා නොගත්තහු ය; මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිස ය”යි වදාළ සේක. එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ. සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ. එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.
ශු. මාර්ක් 14:10-52 Sinhala New Revised Version 2018 (SNRV)
දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය. ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න. එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ. සවස් වූ කල උන් වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක. ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය. ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේ ද ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ පූප ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, “ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ. සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක. ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ. තවද, ජේසුස් වහන්සේ කතා කරමින්, “ඔබ හැම දෙන ම පැකිළෙන්නහු ය; මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ලියා තිබේ. කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඔහු “මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ. ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක. උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා, මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්, “අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, “සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක. උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක. ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ. උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක. ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ. “මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි. ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ. ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමඟ සිටියෙමි; එහෙත් ඔබ මා අල්ලා නොගත්තහු ය; මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිස ය”යි වදාළ සේක. එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ. සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ. එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.
ශු. මාර්ක් 14:10-52 New International Version (NIV)
Then Judas Iscariot, one of the Twelve, went to the chief priests to betray Jesus to them. They were delighted to hear this and promised to give him money. So he watched for an opportunity to hand him over. On the first day of the Festival of Unleavened Bread, when it was customary to sacrifice the Passover lamb, Jesus’ disciples asked him, “Where do you want us to go and make preparations for you to eat the Passover?” So he sent two of his disciples, telling them, “Go into the city, and a man carrying a jar of water will meet you. Follow him. Say to the owner of the house he enters, ‘The Teacher asks: Where is my guest room, where I may eat the Passover with my disciples?’ He will show you a large room upstairs, furnished and ready. Make preparations for us there.” The disciples left, went into the city and found things just as Jesus had told them. So they prepared the Passover. When evening came, Jesus arrived with the Twelve. While they were reclining at the table eating, he said, “Truly I tell you, one of you will betray me—one who is eating with me.” They were saddened, and one by one they said to him, “Surely you don’t mean me?” “It is one of the Twelve,” he replied, “one who dips bread into the bowl with me. The Son of Man will go just as it is written about him. But woe to that man who betrays the Son of Man! It would be better for him if he had not been born.” While they were eating, Jesus took bread, and when he had given thanks, he broke it and gave it to his disciples, saying, “Take it; this is my body.” Then he took a cup, and when he had given thanks, he gave it to them, and they all drank from it. “This is my blood of the covenant, which is poured out for many,” he said to them. “Truly I tell you, I will not drink again from the fruit of the vine until that day when I drink it new in the kingdom of God.” When they had sung a hymn, they went out to the Mount of Olives. “You will all fall away,” Jesus told them, “for it is written: “ ‘I will strike the shepherd, and the sheep will be scattered.’ But after I have risen, I will go ahead of you into Galilee.” Peter declared, “Even if all fall away, I will not.” “Truly I tell you,” Jesus answered, “today—yes, tonight—before the rooster crows twice you yourself will disown me three times.” But Peter insisted emphatically, “Even if I have to die with you, I will never disown you.” And all the others said the same. They went to a place called Gethsemane, and Jesus said to his disciples, “Sit here while I pray.” He took Peter, James and John along with him, and he began to be deeply distressed and troubled. “My soul is overwhelmed with sorrow to the point of death,” he said to them. “Stay here and keep watch.” Going a little farther, he fell to the ground and prayed that if possible the hour might pass from him. “Abba, Father,” he said, “everything is possible for you. Take this cup from me. Yet not what I will, but what you will.” Then he returned to his disciples and found them sleeping. “Simon,” he said to Peter, “are you asleep? Couldn’t you keep watch for one hour? Watch and pray so that you will not fall into temptation. The spirit is willing, but the flesh is weak.” Once more he went away and prayed the same thing. When he came back, he again found them sleeping, because their eyes were heavy. They did not know what to say to him. Returning the third time, he said to them, “Are you still sleeping and resting? Enough! The hour has come. Look, the Son of Man is delivered into the hands of sinners. Rise! Let us go! Here comes my betrayer!” Just as he was speaking, Judas, one of the Twelve, appeared. With him was a crowd armed with swords and clubs, sent from the chief priests, the teachers of the law, and the elders. Now the betrayer had arranged a signal with them: “The one I kiss is the man; arrest him and lead him away under guard.” Going at once to Jesus, Judas said, “Rabbi!” and kissed him. The men seized Jesus and arrested him. Then one of those standing near drew his sword and struck the servant of the high priest, cutting off his ear. “Am I leading a rebellion,” said Jesus, “that you have come out with swords and clubs to capture me? Every day I was with you, teaching in the temple courts, and you did not arrest me. But the Scriptures must be fulfilled.” Then everyone deserted him and fled. A young man, wearing nothing but a linen garment, was following Jesus. When they seized him, he fled naked, leaving his garment behind.