ශු. මාර්ක් 13:2-4
ශු. මාර්ක් 13:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ විශාල ගොඩනැගිලි ඔබට පෙනෙනවා නො වේ ද? ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක් ම බිඳ දමා පොළොවට සමතලා කරනු ඇතැ” යි පැවසූ සේක. උන්වහන්සේ දේව මාලිගය ඉදිරියේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ උන්වහන්සේට පුද්ගලික ව කතා කොට, “කියන්න අපට, මේ දේවල් සිදු වන්නේ කවරදා ද? ඒවා ඉටු වීමට යන කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි ඇසූහ.
ශු. මාර්ක් 13:2-4 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේතෘස්ද යාකොබ්ද යොහන්ද අන්දෘද රහසින් උන්වහන්සේට කථාකොට: ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය.
ශු. මාර්ක් 13:2-4 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක. උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට, “මේ දේ කවදා සිදුවනු ඇද් ද? ඒ සියල්ල ඉෂ්ට වන්න යන කල කුමන ලකුණක් ඇති වේ දැ යි අපට කිව මැනවැ”යි කී හ.
ශු. මාර්ක් 13:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක. උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට, “මේ දේ කවදා සිදුවනු ඇද් ද? ඒ සියල්ල ඉෂ්ට වන්න යන කල කුමන ලකුණක් ඇති වේ දැ යි අපට කිව මැනවැ”යි කී හ.
ශු. මාර්ක් 13:2-4 New International Version (NIV)
“Do you see all these great buildings?” replied Jesus. “Not one stone here will be left on another; every one will be thrown down.” As Jesus was sitting on the Mount of Olives opposite the temple, Peter, James, John and Andrew asked him privately, “Tell us, when will these things happen? And what will be the sign that they are all about to be fulfilled?”