ශු. මාර්ක් 13:14-20

ශු. මාර්ක් 13:14-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“තවද බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල, නො සිටිය යුතු තැන සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා) යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා! ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. ශීත කාලයේ මෙය නො වන ලෙස යාච්ඤා කරන්න. මන්ද ඒ දවස්හි දෙවියන්වහන්සේ මැවූ මැවීම පටන් ගැන්මේ සිට, මේ දක්වා සිදු නො වූ, මින් මතු කවර කලෙක සිදු නො වන විපත්-පීඩාවක් වනු ඇත. “ස්වාමින්වහන්සේ ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් නියම කර, තෝරාගනු ලැබූවන් උදෙසා ඒ කාලය කෙටි කළ සේක.

ශු. මාර්ක් 13:14-20 Sinhala Revised Old Version (SROV)

තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා. නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න. මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය. ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක.

ශු. මාර්ක් 13:14-20 Sinhala New Revised Version (NRSV)

“තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා. පියස්ස මත සිටින්නා පහතට නොබසී වා; තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේ වා. කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා; අහෝ, ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මවුවරුන්ට ද ඇති වන විපතක මහත! හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නුවූ විරූ, මතු ද නොවන විරූ, දුක් පීඩා ඒ දවස් වල දී පැමිණෙන බැවිනි. සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.

ශු. මාර්ක් 13:14-20 Sinhala New Revised Version 2018 (SNRV)