ශු. මාර්ක් 10:24-25
ශු. මාර්ක් 10:24-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගෝලයෝ ඒ වචන අසා විස්මපත් වූහ. එහෙත් යේසුස්වහන්සේ නැවත කතා කරමින්, “දරුවනි, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද? ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.
ශු. මාර්ක් 10:24-25 Sinhala Revised Old Version (SROV)
ගෝලයෝ උන්වහන්සේගේ වචනවලට විස්මපත් වූවෝය. නුමුත් යේසුස්වහන්සේ නැවතත් උත්තරදෙමින්: දරුවෙනි, වස්තුව කෙරෙහි විශ්වාසකරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුද! ධනවන්තයෙකු ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක.
ශු. මාර්ක් 10:24-25 Sinhala New Revised Version (NRSV)
ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; “දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.”
ශු. මාර්ක් 10:24-25 Sinhala New Revised Version 2018 (SNRV)
ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; “දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.”
ශු. මාර්ක් 10:24-25 New International Version (NIV)
The disciples were amazed at his words. But Jesus said again, “Children, how hard it is to enter the kingdom of God! It is easier for a camel to go through the eye of a needle than for someone who is rich to enter the kingdom of God.”