ශු. මාර්ක් 1:9-12
ශු. මාර්ක් 1:9-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එදවස්හි යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට පැමිණ, යොහන්ගෙන් යොර්දානයේදී බව්තීස්මය ලැබූ සේක. උන්වහන්සේ දියෙන් ගොඩවෙත් ම, එකෙණෙහි ම, ස්වර්ගය විවර ව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක. තවද අහසින් නික්මුණු කටහඬක්, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පැවසී ය. එකෙණෙහි ආත්මයාණන්වහන්සේ, පාළුකරයට උන්වහන්සේ පිටත් කළ සේක.
ශු. මාර්ක් 1:9-12 Sinhala Revised Old Version (SROV)
ඒ දවස්වලදී යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට ඇවිත් යොහන්ගෙන් යොර්දානෙහි බව්තීස්මය ලැබූසේක. උන්වහන්සේ දියෙන් ගොඩනැගුණු කෙණෙහිම අහස විවරවී, ආත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිටට බැස එනවා දුටුසේක. තවද: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්මුණේය. එකෙණෙහිම ආත්මයාණන්වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණෙවුසේක.
ශු. මාර්ක් 1:9-12 Sinhala New Revised Version (NRSV)
එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක. උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිට බැස එනු දුටු සේක. තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය. එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක.
ශු. මාර්ක් 1:9-12 Sinhala New Revised Version 2018 (SNRV)
එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක. උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිට බැස එනු දුටු සේක. තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය. එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක.
ශු. මාර්ක් 1:9-12 New International Version (NIV)
At that time Jesus came from Nazareth in Galilee and was baptized by John in the Jordan. Just as Jesus was coming up out of the water, he saw heaven being torn open and the Spirit descending on him like a dove. And a voice came from heaven: “You are my Son, whom I love; with you I am well pleased.” At once the Spirit sent him out into the wilderness