මීකා 7:8-13

මීකා 7:8-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු! මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි. මා අඳුරේ හිඳ සිටිය ද, ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක. උන්වහන්සේට එරෙහිව මා පව් කළ බැවින්, මම ස්වාමින්වහන්සේගේ උදහස දරන්නෙමි. ඒ, උන්වහන්සේ මා වෙනුවෙන් කතා කොට, මට යුක්තිය ඉටු කර දෙන තෙක් ය. උන්වහන්සේ ආලෝකයට මා ගෙන එන සේක; මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි. එවිට මගේ සතුරා එය දකිනු ඇත; දැක, ලජ්ජාවෙන් පිරෙනු ඇත. මන්ද, “කෝ! නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහේ දැ?” යි මට සමච්චල් කළේ ඒ අයයි. ඇගේ වැටී යෑම මගේ ම දෑසින් මම දකින්නෙමි; වීථිවල ගොහොරු මඩ මෙන් දැන් ඈ පාගා දැමේ. ඔබගේ පවුරු ගොඩ නගන දවසකි! ඒ දවසේ ඔබගේ දේශ සීමා පුළුල් කෙරේ. ඒ දවසේ අසිරියාවේ සිට ඊජිප්තුවේ පුර නගර දක්වා, ඊජිප්තුවේ සිට ගංගාව දක්වා, ඒ මුහුදේ සිට මේ මුහුද දක්වා, ඒ කන්දේ සිට මේ කන්ද දක්වා ජනී ජනයා ඔබ වෙත එන්නෝ ය. මහ පොළොව ජනශූන්‍ය ව යන්නේ ය; එසේ වන්නේ පොළෝ වාසීන් නිසා ය; ඔවුන්ගේ ක්‍රියාවල ඵලවිපාක නිසා ය.

බෙදාගන්න
මීකා 7 කියවන්න

මීකා 7:8-13 Sinhala Revised Old Version (SROV)

එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක. ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය. නුඹේ පවුරු ගොඩනගන්ට කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයෙහි නියෝගයක් දුරට පතළවී යනවා ඇත. ඒ කාලයෙහි අෂූර් කෙරෙන්ද මිසරයේ නුවරවලින්ද මිසරයේ පටන් ගංගාව දක්වාද මුහුදෙන් මුහුදටද කන්දෙන් කන්දටද තිබෙන පළාත්වලින් මිනිසුන් නුඹ ළඟට එනවා ඇත. නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.

බෙදාගන්න
මීකා 7 කියවන්න

මීකා 7:8-13 Sinhala New Revised Version (NRSV)

මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක. මා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් මාගේ පැමිණිල්ල ඉදිරිපත් කර විනිශ්චය ඉටුවන තුරු මම උන් වහන්සේගේ උදහස ඉවසන්නෙමි. අන්තිමේ දී උන් වහන්සේ මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මට සිදු වී ඇති විපත්ති පිළිබඳ විනිශ්චය ඉෂ්ට කරන සේක. උන් වහන්සේ මා ආලෝකයට පමුණුවනු ඇත. මම ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දැක ප්‍රීති ප්‍රමෝද වන්නෙමි. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි. ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත. ඒ කාලයේ දී අසිරියාවේ සිට මිසරය දක්වා ද තීර් සිට ගංගාව දක්වා ද, මුහුදින් මුහුද, කන්දෙන් කන්ද දක්වා ද සිටින ඔබේ සෙනඟ ආපසු පැමිණෙනු ඇත. එහෙත් පොළොව, එහි සිටින්නන්ගේ නපුරුකම් නිසා කාන්තාරයක් මෙන් වන්නේ ය.

බෙදාගන්න
මීකා 7 කියවන්න

මීකා 7:8-13 Sinhala New Revised Version 2018 (SNRV)