මීකා 6:1-9 - Compare All Versions
මීකා 6:1-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ කියන දේට සවන් දෙන්න: “නැගී සිට මගේ නඩුව, කඳු ඉදිරියෙහි ගෙන හැර පාන්න. ඔබේ කටහඬ කඳු හෙල් අසා සිටීවා. “එම්බා කඳු, ස්වාමින්වහන්සේගේ චෝදනාවට සවන් දෙන්න; පොළොවේ සදාතන අත්තිවාරම්, මේ අහන්න. ස්වකීය ජනතාවට එරෙහි නඩුවක් ස්වාමින්වහන්සේට ඇත; ඉශ්‍රායෙල් සමඟ විවාදයක් උන්වහන්සේට ඇත. “අහෝ මගේ ජනයිනි, කුමක් ද මා නුඹලාට කළේ? කෙලෙස ද මා නුඹලාට බර පැටවූයේ? මට උත්තර දෙනු! මන්ද, මම ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් නුඹලා මුදා ගතිමි. මම නුඹලාට මග පෙන්වන්නට මෝසෙස් ද ඒ සමඟ ආරොන් හා මිරියාම් ද යැවීමි. අහෝ මගේ ජනයිනි, ස්වාමින්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා නුඹලා දැනගන්නා පිණිස, මෝවබ්හි රජු වූ බාලාක්ගේ සැලැස්ම කවරේ ද කියාත් බෙයෝර්ගේ පුත් බාලාම්ගේ ප්‍රතිවචන, මොනවා ද කියාත්, ෂිට්ටීම් සිට ගිල්ගාල් දක්වා සිදු වූ දෑ සිහි කරන්න.” උත්තම දෙවියන්වහන්සේ අබියස වැඳ-නමඳින්නට, ස්වාමින්වහන්සේ ඉදිරියට මා ආ යුත්තේ කුමක් රැගෙන ද? උන්වහන්සේ අබියසට දවන යාග පූජා වශයෙන් එක් අවුරුදු වහු පැටවුන් ගෙන එම් ද? දහස් ගණන් බැටළුවන්ට, දස දහස් ගණන් තෙල් ගංගාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වන සේක් ද? මගේ අයුතුකමට මගේ කුලුඳුල් පුතු දෙම් ද? මගේ ජීවයේ පාපයට මගේ ශාරීරික පලය දෙම් ද? එම්බා මනුෂ්‍යය, යහපත කවරේදැයි උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත. ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? සාධාරණ ව ක්‍රියාකිරීමත්, දයාවට ප්‍රේමවීමත්, ඔබේ දෙවියන්වහන්සේ සමඟ යටහත් ව හැසිරීමත් නො වේ ද? ස්වාමින්වහන්සේගේ කටහඬ පුරවරය හඬ නංවයි. ඔබගේ නාමයට භය වීමට ප්‍රඥාවත් නාදයකි එය. “කෙවිටට හා එය නියම කළ තැනැත්තාණන්ට, සවන් දෙන්න.
මීකා 6:1-9 SROV (Sinhala Revised Old Version)
ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද නුඹේ හඬ අසාවා. එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක. මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම්ද? කුමකින් නුඹ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න. මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි. මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න. මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද? දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද? එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
මීකා 6:1-9 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව නඟන චෝදනාවට සවන් දෙන්න. නැඟිට ඔබේ නඩුව කඳු ඉදිරියේ කියා සිටින්න. ඔබ කියන දේ කඳුවලට ඇසේ වා! එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක. “මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම් ද? මම කුමකින් නුඹලා වෙහෙසට පත් කෙළෙම් ද? මට පිළිතුරු දෙන්න. මම නුඹලා, මිසරයෙන් පිටතට ගෙනාවෙමි; වහල්කමේ නිවාසයෙන් මිදුවෙමි. නුඹලාට මඟපෙන්වන පිණිස මෝසෙස් සමඟ ආරොන් ද මීරියම් ද නුඹලා වෙත එවීමි. මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.” මම සමිඳුන් අබිමුවට කුමක් රැගෙන පැමිණෙම් ද? සගයේ දෙවිඳුන් හට කෙසේ නමදිම් ද? දවන යාග පූජා ද අවුරුද්දක් වයසැති එළ වස්සන් ද රැගෙන පැමිණෙම් ද? දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද? එම්බා මනුෂ්‍යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි. සමිඳාණන් වහන්සේ නගරයට මොරගසා මෙසේ වදාරන සේක: “සමිඳාණන් වහන්සේට ගරුබිය පෑම ඥානවන්ත ය. නාගරිකයෙනි, ගෝත්‍රිකයෙනි, සවන් දෙන්න.
මීකා 6:1-9 SNRV (Sinhala New Revised Version 2018)

මීකා 6:1-9 NIV (New International Version)
Listen to what the LORD says: “Stand up, plead my case before the mountains; let the hills hear what you have to say. “Hear, you mountains, the LORD’s accusation; listen, you everlasting foundations of the earth. For the LORD has a case against his people; he is lodging a charge against Israel. “My people, what have I done to you? How have I burdened you? Answer me. I brought you up out of Egypt and redeemed you from the land of slavery. I sent Moses to lead you, also Aaron and Miriam. My people, remember what Balak king of Moab plotted and what Balaam son of Beor answered. Remember your journey from Shittim to Gilgal, that you may know the righteous acts of the LORD.” With what shall I come before the LORD and bow down before the exalted God? Shall I come before him with burnt offerings, with calves a year old? Will the LORD be pleased with thousands of rams, with ten thousand rivers of olive oil? Shall I offer my firstborn for my transgression, the fruit of my body for the sin of my soul? He has shown you, O mortal, what is good. And what does the LORD require of you? To act justly and to love mercy and to walk humbly with your God. Listen! The LORD is calling to the city— and to fear your name is wisdom— “Heed the rod and the One who appointed it.