මීකා 4:6-13 - Compare All Versions

මීකා 4:6-13 SROV (Sinhala Revised Old Version)

ඒ කාලයේදී මම කොරගසගසා යන්නන් රැස්කර, පන්නාදමනු ලැබූවන්ද මා විසින් විපත්තියට පැමිණවූ අයද එකතුකරන්නෙමි; මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක. එම්බා රැළේ කොත, සියොන් දුවගේ හෙල, නුඹ වෙතට පළමු ආණ්ඩුව එන්නේය, එසේය, යෙරුසලම් දුවගේ රාජ්‍යය එන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉතින් නුඹ ඝෝෂාකරන්නේ මන්ද? නුඹ තුළ රජෙක් නැද්ද? නුඹේ මන්ත්‍රීවරු නැතිවූද? මක්නිසාද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාව නුඹට අල්ලා තිබේ. සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද නුඹ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී නුඹ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්ගේ අතින් නුඹ මුදාගන්නසේක. දැන් වනාහි බොහෝ ජාතීන් නුඹට විරුද්ධව රැස්ව සිට: ඈ කිලුටුකරනු ලබාවා, සියොන් කෙරෙහි අපේ ඇසේ ආශාව ඉෂ්ටවේවායි කියති. නුමුත් ඔව්හු ස්වාමීන්වහන්සේගේ අදහස් නොදනිති, උන්වහන්සේගේ මන්ත්‍රණය, එනම් උන්වහන්සේ පාවරෙහි ගොයම් මිටි මෙන් ඔවුන් එකතුකරගත් බව ඔව්හු තේරුම් නොගනිති. සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.

බෙදාගන්න
මීකා 4 SROV

මීකා 4:6-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ මම කොරුන් එක් රැස් කරන්නෙමි. රටින් නෙරපනු ලැබූවන් ද මවිසින් පීඩාවට පමුණුවනු ලැබූවන් ද මම එක් රැස් කරන්නෙමි. ඉතිරි ස්වල්ප දෙනකු බවට මම කොරවූවන් පත් කරන්නෙමි; නෙරපනු ලැබූවන් බලවත් ජාතියක් කරන්නෙමි. ඒ දවසේ පටන් සදහට ම ස්වාමින්වහන්සේ සියොන් කන්දේ සිට ඔවුන්ට රජකම් කරන සේක. එම්බා මගේ රංචුවේ මුර ටැඹ, එම්බා සියොන් දියණියගේ කන්ද, පළමු ආධිපත්‍යය ඔබට යළි ස්ථාපිත කෙරේ. යෙරුසලම් දියණිය වෙත රජකම පැමිණේ.” ඔබ දැන් මහ හඬින් හඬන්නේ ඇයි? ඔබට රජකු නැති නිසා ද? ගැබිනියකගේ ප්‍රසවයේදී මෙන් ඔබට වේදනාව අල්ලා ඇත්තේ, ඔබගේ ගුරු-උපදේශකයා විනාශ වූ නිසා ද? අහෝ සියොන් දියණිය, ප්‍රසවයේදී ගැබිනියක සේ වේදනාවෙන් ඇඹරෙන්න. මන්ද, පිටත කඳවුරු ගසාගනු පිණිස, ඔබ දැන් පුරයෙන් පිට වී යන්නට ඕනෑ ය. ඔබ බබිලෝනියට යනු ඇත. එහිදී ඔබ මුදා ගනු ලබති. එහිදී ඔබේ සතුරන් අතින් ස්වාමින්වහන්සේ ඔබ ගලවා ගනු ඇත. එහෙත් දැන්, බොහෝ ජාතීන් ඔබට එරෙහිව රැස් කෙරේ. ඔවුහු මෙසේ කියති: “ඇය දූෂ්‍ය වුණා වේ! අපේ දෑස් සියොන දෙස සතුටින් බලා හිඳීවා!” එහෙත්, ස්වාමින්වහන්සේගේ සිතුවිලි ඔවුන් දන්නේ නැත. උන්වහන්සේගේ සැලසුම් ඔවුනට නො වැටහේ. මන්ද, පාගන කමතට ගොයම් මිටි සේ, ඔවුන් එකතු කර ගෙනැවිත් ඇත්තේ උන්වහන්සේ ය. “එම්බා සියොන් දියණිය, නැගිට පාගන්න, මම නුඹට යකඩ අං දෙන්නෙමි; මම නුඹට ලෝකඩ කුර ද දෙන්නෙමි. ඒවායින් නුඹ බොහෝ ජාතීන් කැබලි කර කඩනු ඇත.” ඔවුන්ගේ අයුතු වාසි, ඔබ ස්වාමින්වහන්සේට කැප කරනු ඇත. ඔබ, ඔවුන්ගේ වස්තුව, මුළු පොළොවේ ස්වාමින්වහන්සේට කැප කරනු ඇත.

බෙදාගන්න
මීකා 4 SCV

මීකා 4:6-13 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවසේ දී නැති වූ අය එක්රැස් කර විප්‍රවාසගත වූ අය ද මා දඬුවම් කළ අය ද මම නැවත එකතු කරන්නෙමි. එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.” එම්බා සෙනඟගේ මුර අට්ටාලය, සියොන් පුරඟනගේ බලකොටුව, ඔබ වෙත නැවතත් පළමු ආණ්ඩුව පැමිණෙන්නේ ය. ජෙරුසලම් පුරඟනගේ රාජ්‍යය පැමිණෙන්නේ ය. දැන් ඔබ කෑගසන්නේ මන් ද? ඔබට රජෙකු නැති නිසා ද? වදන වේදනා විඳින ස්ත්‍රියක මෙන් ඔබ වේදනාව විඳින්නේ මන් ද? ඔබේ රාජ්‍ය උපදේශකයන් මිය ගොස් සිටින නිසා ද? වදන වේදනා විඳින ස්ත්‍රියක මෙන් සියොන් පුරඟන වද වේදනා විඳින්න. මන්ද, ඔබට දැන් නගරයෙන් පිටත් වී ගොස් ආරක්ෂාවක් නැති පෙදෙසක ජීවත් වන්න සිදු වනු ඇත. ඔබට බබිලෝනියට යන්න සිදු වනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබ නිදහස් කර, සතුරන්ගේ අතින් ඔබ මුදාගනු ඇත. බොහෝ ජාතීන් ඔබට පහර දෙන්න දැන් රැස් වී ඇත. “ජෙරුසලම විනාශ වේ වා! අපි එහි නටබුන් දෙස බලා සිටිමු”යි ඔව්හු කියති. එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති. “සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”

බෙදාගන්න
මීකා 4 NRSV

මීකා 4:6-13 SNRV (Sinhala New Revised Version 2018)

මීකා 4 SNRV

මීකා 4:6-13 NIV (New International Version)

“In that day,” declares the LORD, “I will gather the lame; I will assemble the exiles and those I have brought to grief. I will make the lame my remnant, those driven away a strong nation. The LORD will rule over them in Mount Zion from that day and forever. As for you, watchtower of the flock, stronghold of Daughter Zion, the former dominion will be restored to you; kingship will come to Daughter Jerusalem.” Why do you now cry aloud— have you no king? Has your ruler perished, that pain seizes you like that of a woman in labor? Writhe in agony, Daughter Zion, like a woman in labor, for now you must leave the city to camp in the open field. You will go to Babylon; there you will be rescued. There the LORD will redeem you out of the hand of your enemies. But now many nations are gathered against you. They say, “Let her be defiled, let our eyes gloat over Zion!” But they do not know the thoughts of the LORD; they do not understand his plan, that he has gathered them like sheaves to the threshing floor. “Rise and thresh, Daughter Zion, for I will give you horns of iron; I will give you hooves of bronze, and you will break to pieces many nations.” You will devote their ill-gotten gains to the LORD, their wealth to the Lord of all the earth.

බෙදාගන්න
මීකා 4 NIV