ශු. මතෙව් 8:14-17
ශු. මතෙව් 8:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ කල, ඔහුගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳේ වැතිර සිටිනු දුටු සේක. උන්වහන්සේ ඇගේ අතින් ඇල්ලූ කල, උණ ඇගෙන් දුරු විය. ඈ නැගිට උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය. සවස් වූ කල, යක්ෂාත්මවලින් පීඩා විඳි බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබ, උන්වහන්සේ වචනයෙන් එම ආත්ම දුරු කොට, රෝගී සියල්ලන් සුව කළ සේක. මෙසේ වූයේ දිවැසිවර යෙසායා කී දිවැසි වැකිය ඉටු වන පිණිස ය: “උන්වහන්සේ දරා ගත්තේ අපේ දුබලකම් ය. උසුලා ගත්තේ අපේ රෝ-දුක් ය.”
ශු. මතෙව් 8:14-17 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක, ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක. මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
ශු. මතෙව් 8:14-17 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක, ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය. සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක. මෙසේ වූයේ: “උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
ශු. මතෙව් 8:14-17 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක, ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය. සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක. මෙසේ වූයේ: “උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
ශු. මතෙව් 8:14-17 New International Version (NIV)
When Jesus came into Peter’s house, he saw Peter’s mother-in-law lying in bed with a fever. He touched her hand and the fever left her, and she got up and began to wait on him. When evening came, many who were demon-possessed were brought to him, and he drove out the spirits with a word and healed all the sick. This was to fulfill what was spoken through the prophet Isaiah: “He took up our infirmities and bore our diseases.”