ශු. මතෙව් 6:2-3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 6:2-3 SROV (Sinhala Revised Old Version)
එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්යයන්ගෙන් ප්රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා.
ශු. මතෙව් 6:2-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එබැවින්, දුගියනට ඔබ දන් දෙන කල, හොරණෑ පිඹ ප්රසිද්ධ නො කරන්න. මිනිසුන්ගෙන් ගරු පැසසුම් ලබනු පිණිස කුහකයෝ සිනගෝගවලදීත්, මංමාවත්හි දීත් එසේ කරති. සත්තකින් ම මා ඔබට කියන්නේ, ඒ සඳහා වූ මුළු ප්රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේ ම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න.
ශු. මතෙව් 6:2-3 NRSV (Sinhala New Revised Version)
“එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා.
ශු. මතෙව් 6:2-3 SNRV (Sinhala New Revised Version 2018)
“එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා.
ශු. මතෙව් 6:2-3 NIV (New International Version)
“So when you give to the needy, do not announce it with trumpets, as the hypocrites do in the synagogues and on the streets, to be honored by others. Truly I tell you, they have received their reward in full. But when you give to the needy, do not let your left hand know what your right hand is doing