ශු. මතෙව් 6:10-15
ශු. මතෙව් 6:10-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා. අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව. අපට වරද කරන අයට අප කමා කළ අයුරින්, අපගේ වරද අපට කමා කළ මැනව. පරීක්ෂාවනට අප නො පමුණුවා, නපුරාගෙන් අප මුදා ගත මැනව.’ අන් අයගේ වරදට ඔබ ඔවුනට කමා වන්නේ නම්, ඔබගේ ස්වර්ගීක පියාණන්වහන්සේ ඔබට කමා කරන සේක. එහෙත් අන්‍යයන්ගේ වරදට ඔබ ඔවුන්ට කමා නො කරන්නේ නම්, ඔබගේ පියාණන්වහන්සේ ඔබටත් කමා කරන්නේ නැත.
ශු. මතෙව් 6:10-15 Sinhala Revised Old Version (SROV)
ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව. මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.
ශු. මතෙව් 6:10-15 Sinhala New Revised Version (NRSV)
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.”
ශු. මතෙව් 6:10-15 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබගේ රාජ්‍යය පැමිණේ වා, ඔබගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.”
ශු. මතෙව් 6:10-15 New International Version (NIV)
your kingdom come, your will be done, on earth as it is in heaven. Give us today our daily bread. And forgive us our debts, as we also have forgiven our debtors. And lead us not into temptation, but deliver us from the evil one.’ For if you forgive other people when they sin against you, your heavenly Father will also forgive you. But if you do not forgive others their sins, your Father will not forgive your sins.
