ශු. මතෙව් 4:5-7
ශු. මතෙව් 4:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යක්ෂයා, ශුද්ධ නගරයට උන්වහන්සේ පමුණුවා, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්රයා නම්, මෙතැනින් බිමට පනින්න. මන්ද: “ ‘උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක. තවද ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ, ඔබගේ පාද ගලක නො වදින ලෙසට ය’ කියා ලියා ඇතැ” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක.
ශු. මතෙව් 4:5-7 Sinhala Revised Old Version (SROV)
එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්රයා නම් පහතට පනින්න. කුමක් හෙයින්ද– උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අණදෙනසේක. නුඹේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු තමුන්ගේ අත්පිට නුඹ උසුලාගන්නෝය කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක.
ශු. මතෙව් 4:5-7 Sinhala New Revised Version (NRSV)
එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්රයා නම්, පහතට පනින්න; ‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක.
ශු. මතෙව් 4:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්රයා නම්, පහතට පනින්න; ‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක.
ශු. මතෙව් 4:5-7 New International Version (NIV)
Then the devil took him to the holy city and had him stand on the highest point of the temple. “If you are the Son of God,” he said, “throw yourself down. For it is written: “ ‘He will command his angels concerning you, and they will lift you up in their hands, so that you will not strike your foot against a stone.’” Jesus answered him, “It is also written: ‘Do not put the Lord your God to the test.’”