ශු. මතෙව් 4:14-17
ශු. මතෙව් 4:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිවැසිවර යෙසායා මගින් කියැවුණු දෑ ඉටු වන පිණිස ය. එනම්: “යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ, අන්‍ය-ජාතීන්ගේ ගලීලයේ පිහිටි, සාබුලොන් දේශයේ හා නෆ්තලී දේශයේ අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය. එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.
ශු. මතෙව් 4:14-17 Sinhala Revised Old Version (SROV)
මෙසේ කළේ– යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි, අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය. එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.
ශු. මතෙව් 4:14-17 Sinhala New Revised Version (NRSV)
මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්: “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි. එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.
ශු. මතෙව් 4:14-17 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්: “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි. එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.
ශු. මතෙව් 4:14-17 New International Version (NIV)
to fulfill what was said through the prophet Isaiah: “Land of Zebulun and land of Naphtali, the Way of the Sea, beyond the Jordan, Galilee of the Gentiles— the people living in darkness have seen a great light; on those living in the land of the shadow of death a light has dawned.” From that time on Jesus began to preach, “Repent, for the kingdom of heaven has come near.”