ශු. මතෙව් 4:13-16
ශු. මතෙව් 4:13-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ නාසරෙත් හැර ගොස්, සාබුලොන් හා නෆ්තලී පෙදෙස්හි මුහුද අසබඩ කපර්ණවුම් වෙත පැමිණ විසූයේ, දිවැසිවර යෙසායා මගින් කියැවුණු දෑ ඉටු වන පිණිස ය. එනම්: “යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ, අන්‍ය-ජාතීන්ගේ ගලීලයේ පිහිටි, සාබුලොන් දේශයේ හා නෆ්තලී දේශයේ අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය.
ශු. මතෙව් 4:13-16 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක. මෙසේ කළේ– යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි, අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
ශු. මතෙව් 4:13-16 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්: “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.
ශු. මතෙව් 4:13-16 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්: “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.
ශු. මතෙව් 4:13-16 New International Version (NIV)
Leaving Nazareth, he went and lived in Capernaum, which was by the lake in the area of Zebulun and Naphtali— to fulfill what was said through the prophet Isaiah: “Land of Zebulun and land of Naphtali, the Way of the Sea, beyond the Jordan, Galilee of the Gentiles— the people living in darkness have seen a great light; on those living in the land of the shadow of death a light has dawned.”