ශු. මතෙව් 3:8-9
ශු. මතෙව් 3:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:8-9 Sinhala Revised Old Version (SROV)
එබැවින් ආබ්රහම් අපගේ පියාණෝයයි කියාගන්ට නොසිතා, පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:8-9 Sinhala New Revised Version (NRSV)
එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. ‘ආබ්රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්න