ශු. මතෙව් 3:2-3
ශු. මතෙව් 3:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් ආවේ ය. දිවැසිවර යෙසායා මගින්: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:2-3 Sinhala Revised Old Version (SROV)
පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟයයි කීවේය. කුමක් හෙයින්ද– ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළකර උන්වහන්සේගේ මාවත් සමතලාකරන්නය කියා වනාන්තරයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයයයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද්දේ මොහු ගැනය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:2-3 Sinhala New Revised Version (NRSV)
“පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය. කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්න