ශු. මතෙව් 3:1-3
ශු. මතෙව් 3:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එදවස්හි යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින්, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් ආවේ ය. දිවැසිවර යෙසායා මගින්: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය.
ශු. මතෙව් 3:1-3 Sinhala Revised Old Version (SROV)
ඒ දවස්වලදී යොහන් බව්තීස්ත ඇවිත් යුදයේ වනයෙහි දේශනාකරමින්: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟයයි කීවේය. කුමක් හෙයින්ද– ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළකර උන්වහන්සේගේ මාවත් සමතලාකරන්නය කියා වනාන්තරයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයයයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද්දේ මොහු ගැනය.
ශු. මතෙව් 3:1-3 Sinhala New Revised Version (NRSV)
ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, “පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය. කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය.
ශු. මතෙව් 3:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, “පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය. කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය.
ශු. මතෙව් 3:1-3 New International Version (NIV)
In those days John the Baptist came, preaching in the wilderness of Judea and saying, “Repent, for the kingdom of heaven has come near.” This is he who was spoken of through the prophet Isaiah: “A voice of one calling in the wilderness, ‘Prepare the way for the Lord, make straight paths for him.’ ”