ශු. මතෙව් 28:11-15
ශු. මතෙව් 28:11-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් එසේ යන අතරේ, මෙන්න, මුර සෙබළුන්ගෙන් ඇතමෙක් නගරයට පිවිස, සිදු වී ඇති සියල්ල නායක පූජකයනට සැල කළහ. නායක පූජකවරු වැඩිහිටියන් සමඟ සාකච්ඡා කොට, මුර සෙබළුනට ලොකු මුදලක් දී, ඔවුන් අමතමින්, “නුඹලා ජනයාට මෙහෙම කිව යුතුයි, ‘අප නිදා සිටින අතර, රෑ ඔහුගේ ගෝලයින් අවුත්, ඔහු සොරාගෙන ගියා.’ ඉදින්, ආණ්ඩුකරුට මේ පුවත ගියහොත්, අප ඔහු සතුටු කර, නුඹලාට කරදරයක් නො වන්නට කටයුතු කරනවා” යි කීහ. මෙසේ මුදල් ලබා ගත් මුර සෙබළු, තමන් උපදෙස් ලද පරිදි කළහ. මේ කතාව අද දවස දක්වා යුදෙව්වරුන් අතර පැතිර පවතී.
ශු. මතෙව් 28:11-15 Sinhala Revised Old Version (SROV)
ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදුවූ සියල්ල නායක පූජකයන්ට දැන්නුවෝය. එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්රණයකොට, හේවායන්ට බොහෝ මිලදී: අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න. මේක ආණ්ඩුකාරයාට ආරංචිවුණොත්, අපි ඔහු සතුටුකොට නුඹලා බේරාගන්නෙමුයයි කීවෝය. ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්රසිද්ධව, අද දක්වා පවත්නේය.
ශු. මතෙව් 28:11-15 Sinhala New Revised Version (NRSV)
ස්ත්රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. එවිට, ඔව්හු ප්රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, “අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.
ශු. මතෙව් 28:11-15 Sinhala New Revised Version 2018 (SNRV)
ස්ත්රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. එවිට, ඔව්හු ප්රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, “අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.
ශු. මතෙව් 28:11-15 New International Version (NIV)
While the women were on their way, some of the guards went into the city and reported to the chief priests everything that had happened. When the chief priests had met with the elders and devised a plan, they gave the soldiers a large sum of money, telling them, “You are to say, ‘His disciples came during the night and stole him away while we were asleep.’ If this report gets to the governor, we will satisfy him and keep you out of trouble.” So the soldiers took the money and did as they were instructed. And this story has been widely circulated among the Jews to this very day.