ශු. මතෙව් 26:31-74
ශු. මතෙව් 26:31-74 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මා නිසා ඔබ හැම මේ රැයේ ම මා අතහැර යනු ඇත. මන්ද, “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි; රැළේ බැටළුවෝ එවිට විසුරුවනු ලබති’ යි ලියා ඇත. එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක. එවිට පේතෘස් කතා කරමින්, “ඔබ නිසා හැම දෙනා ඔබ හැර දා ගියත්, මම කිසි කලෙක හැර නො යමි” යි කී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක් ම කියනු ඇතැ” යි පැවසූ සේක. “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්‍රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේ ම කීහ. ඉන්පසු තම ගෝලයින් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ, “මා අතැනට ගොස්, යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය. එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක. ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිමට නමා, යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක. ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක. දෙවන වරටත් ඔවුන් වෙතින් මෑත් වූ යේසුස්වහන්සේ, “මගේ පියාණෙනි, මා පානය කරනු ලැබීමෙන් තොර ව මේ කුසලාන ඉවත් කළ නො හැකි නම්, ඔබගේ කැමැත්තම වේවා!” යි යාච්ඤා කළ සේක. යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක. ඉන්පසු යළිත් ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? මෙන්න, පැය ළං වෙලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න; අපි යමු. මෙන්න, මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක. උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය. පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි. ඔහු කෙළින් ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය. “මිත්‍රය, ඔබ කරන්නට ආ දේ කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක. පැමිණි පිරිස එවිට ඉදිරියට අවුත්, යේසුස්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. එවිට මෙන්න, යේසුස්වහන්සේ සමඟ සිටි කෙනෙක් අත දිගු කොට, තම කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපෙන්නට කඩු පහරක් ගැසී ය. යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන් ම නසිති. මගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද? එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක. ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත. සැබවින් ම මේ හැම එකක් ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ. ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලා ගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ. උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළු ව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය. නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණු වන පිණිස, උන්වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සොයන්නට වූහ. බොරු සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුව ද, ඔවුන්ට කිසිවක් සොයාගත නො හැකි විය. අන්තිමේදී දෙදෙනෙක් ඉදිරිපත් වී, “ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ. එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ නිහඬ ව සිටි සේක. එවිට උත්තම පූජකයා උන්වහන්සේ අමතමින්, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ඔබ නම්, ඒ වග අපට කියන ලෙස, ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඔබට අණ කරමි” යි පැවසී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ ම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක. එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා; ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. “ඔහු සුදුසු මරණයට යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්, “ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ. මේ අතර පේතෘස් පිටත මිදුලේ හිඳගෙන සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ගලීල යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය. එහෙත් ඒ සියල්ලන් ඉදිරියේ එය ප්‍රතික්ෂේප කළ ඔහු, “ඔබ මොනවා කියනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය. යළිත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඒ මිනිසා හඳුනන්නේ නැතැ!” යි දිවුරා කීවේ ය. මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන් ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ. එවිට ඔහු තමාට ම ශාප කර ගන්නටත්, “මා ඒ මිනිසා හඳුනන්නේ නෑ!” යි කියමින් දිවුරන්නටත් වන්නේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
ශු. මතෙව් 26:31-74 Sinhala Revised Old Version (SROV)
එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධාවන්නහුය. මක්නිසාද මම එඬේරාට පහරදෙන්නෙමි, එකල රැළේ බැටළුවෝ විසිරවනු ලබන්නෝයයි ලියා තිබේ. නුමුත් මා නැගුටුවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමියි කීසේක. පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමියි කීවේය. යේසුස් වහන්සේද: සැබවක් නුඹට කියමි–අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක. පේතෘස්ද: ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය. එකල යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ: මා අතනට ගොස් යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉඳින්නැයි තමන් ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස්, ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත්සේක. එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක. උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: කිමෙක්ද? මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක. උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය. නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක. එකල උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත්: ඉතින් නිදාගෙන නිවාඩු ගන්න. මෙන්න, පැය ළඟය, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි. නැගිටින්න, අපි යමු. අන්න, මා පාවාදෙන්නා ළඟ යයි කීසේක. උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය. උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය. එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය. යේසුස්වහන්සේද: මිත්‍රය, නුඹ කරන්ට ආ දෙය කරන්නැයි ඔහුට කීසේක. එවිට ඔව්හු ඇවිත් යේසුස්වහන්සේ පිට අත් තබා උන්වහන්සේ අල්ලාගත්තෝය. යේසුස්වහන්සේ සමඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය. එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය. දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි ඔහුට කීසේක. ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය. යේසුස්වහන්සේ ඇල්ලූ අය උත්තම පූජකයාවූ කායාඑස් ළඟට උන්වහන්සේ ගෙනගියෝය, ලියන්නොත් වැඩිමහල්ලොත් එතැන්හි රැස්ව සිටියෝය. නුමුත් පේතෘස් උත්තම පූජකයාගේ ශාලාව දක්වා උන්වහන්සේ අනුව දුරින් ගොස්, ඇතුල්ව, තීන්දුව දකින පිණිස සේවකයන් සමඟ හිඳගත්තේය. නායක පූජකයෝද මුළු මන්ත්‍රණසභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවුවෝය. බොහෝ බොරු සාක්ෂිකාරයන් ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. නුමුත් පසුව දෙදෙනෙක් ඇවිත්: දේවමාළිගාව කඩාදමා ඒක තුන් දවසකින් ගොඩනගන්ට මට පුළුවනැයි මොහු කීයේයයි කීවෝය. එවිට උත්තම පූජකයා නැගිට සිට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන මේ සාක්ෂිය මොකදැයි උන්වහන්සේට කීවේය. නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක. එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය. නුඹලා කුමක් සිතවුදැයි කීවේය. ඔව්හු උත්තරදෙමින්; මොහු මරණයට සුදුස්සෙකැයි කීවෝය. එවිට ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළගසා, උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා: ක්‍රිස්තුස්නි, නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියන්නැයි කීවෝය. පේතෘස් පිටත මළුවෙහි හිඳගෙන උන්නේය. යෞවනියක් ඔහු ළඟට ඇවිත්: නුඹත් ගලීලයාවූ යේසුස් සමඟ සිටියෙහියයි කීවාය. නැත, නුඹ කියනදේ නොදනිමියි ඔහු සියල්ලන් ඉදිරියේ කීවේය. ඔහු පිටතට දොරටුව ළඟට ගිය කල, තව තැනැත්තියක් ඔහු දැක: මොහුත් නාසරිය යේසුස් සමඟ සිටියේයයි එතන සිටියවුන්ට කීවාය. ඔහු නැවතත්: මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැයි දිවුරමින් කීවේය. ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය. එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය.
ශු. මතෙව් 26:31-74 Sinhala New Revised Version (NRSV)
තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, “ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. “එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක. පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය. ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ. එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද? ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක. උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, “අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක. උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, “ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක. උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ජේසුස් වහන්සේ ද, “මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ. උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය. එවිට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති. දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද? එහෙත්, එසේ කළොත්, මේ දෙය මෙලෙස ම විය යුතු යයි ශුද්ධ ලියවිලිවල කියන දේ ඉටු වන්නේ කෙසේ දැ”යි ඔහුට වදාළ සේක. ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත. මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ. ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ. එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය. නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ. බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ. එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය. ඔබ කුමක් සිතන්නහු දැ”යි කී ය. ඔව්හු උත්තර දෙමින්, “මොහු මරණයට සුදුසු ය”යි කී හ. එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී, “ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ. පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය. “මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය. ඔහු පිටත දොරටුව ළඟට ගිය කල, තව සේවිකාවක් ඔහු දැක, “මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ සිටියේ ය”යි එහි සිටියවුන්ට කීවා ය. ඔහු යළිත්, “මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැ”යි දිවුරා කී ය. මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ. එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
ශු. මතෙව් 26:31-74 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මතෙව් 26:31-74 New International Version (NIV)
Then Jesus told them, “This very night you will all fall away on account of me, for it is written: “ ‘I will strike the shepherd, and the sheep of the flock will be scattered.’ But after I have risen, I will go ahead of you into Galilee.” Peter replied, “Even if all fall away on account of you, I never will.” “Truly I tell you,” Jesus answered, “this very night, before the rooster crows, you will disown me three times.” But Peter declared, “Even if I have to die with you, I will never disown you.” And all the other disciples said the same. Then Jesus went with his disciples to a place called Gethsemane, and he said to them, “Sit here while I go over there and pray.” He took Peter and the two sons of Zebedee along with him, and he began to be sorrowful and troubled. Then he said to them, “My soul is overwhelmed with sorrow to the point of death. Stay here and keep watch with me.” Going a little farther, he fell with his face to the ground and prayed, “My Father, if it is possible, may this cup be taken from me. Yet not as I will, but as you will.” Then he returned to his disciples and found them sleeping. “Couldn’t you men keep watch with me for one hour?” he asked Peter. “Watch and pray so that you will not fall into temptation. The spirit is willing, but the flesh is weak.” He went away a second time and prayed, “My Father, if it is not possible for this cup to be taken away unless I drink it, may your will be done.” When he came back, he again found them sleeping, because their eyes were heavy. So he left them and went away once more and prayed the third time, saying the same thing. Then he returned to the disciples and said to them, “Are you still sleeping and resting? Look, the hour has come, and the Son of Man is delivered into the hands of sinners. Rise! Let us go! Here comes my betrayer!” While he was still speaking, Judas, one of the Twelve, arrived. With him was a large crowd armed with swords and clubs, sent from the chief priests and the elders of the people. Now the betrayer had arranged a signal with them: “The one I kiss is the man; arrest him.” Going at once to Jesus, Judas said, “Greetings, Rabbi!” and kissed him. Jesus replied, “Do what you came for, friend.” Then the men stepped forward, seized Jesus and arrested him. With that, one of Jesus’ companions reached for his sword, drew it out and struck the servant of the high priest, cutting off his ear. “Put your sword back in its place,” Jesus said to him, “for all who draw the sword will die by the sword. Do you think I cannot call on my Father, and he will at once put at my disposal more than twelve legions of angels? But how then would the Scriptures be fulfilled that say it must happen in this way?” In that hour Jesus said to the crowd, “Am I leading a rebellion, that you have come out with swords and clubs to capture me? Every day I sat in the temple courts teaching, and you did not arrest me. But this has all taken place that the writings of the prophets might be fulfilled.” Then all the disciples deserted him and fled. Those who had arrested Jesus took him to Caiaphas the high priest, where the teachers of the law and the elders had assembled. But Peter followed him at a distance, right up to the courtyard of the high priest. He entered and sat down with the guards to see the outcome. The chief priests and the whole Sanhedrin were looking for false evidence against Jesus so that they could put him to death. But they did not find any, though many false witnesses came forward. Finally two came forward and declared, “This fellow said, ‘I am able to destroy the temple of God and rebuild it in three days.’ ” Then the high priest stood up and said to Jesus, “Are you not going to answer? What is this testimony that these men are bringing against you?” But Jesus remained silent. The high priest said to him, “I charge you under oath by the living God: Tell us if you are the Messiah, the Son of God.” “You have said so,” Jesus replied. “But I say to all of you: From now on you will see the Son of Man sitting at the right hand of the Mighty One and coming on the clouds of heaven.” Then the high priest tore his clothes and said, “He has spoken blasphemy! Why do we need any more witnesses? Look, now you have heard the blasphemy. What do you think?” “He is worthy of death,” they answered. Then they spit in his face and struck him with their fists. Others slapped him and said, “Prophesy to us, Messiah. Who hit you?” Now Peter was sitting out in the courtyard, and a servant girl came to him. “You also were with Jesus of Galilee,” she said. But he denied it before them all. “I don’t know what you’re talking about,” he said. Then he went out to the gateway, where another servant girl saw him and said to the people there, “This fellow was with Jesus of Nazareth.” He denied it again, with an oath: “I don’t know the man!” After a little while, those standing there went up to Peter and said, “Surely you are one of them; your accent gives you away.” Then he began to call down curses, and he swore to them, “I don’t know the man!” Immediately a rooster crowed.