ශු. මතෙව් 24:9-10
ශු. මතෙව් 24:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එකල ඔබට විපත් පීඩා පමුණු වන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත. එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:9-10 Sinhala Revised Old Version (SROV)
එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:9-10 Sinhala New Revised Version (NRSV)
එකල ඔව්හු ඔබ වධබන්ධනවලට පාවා දී මරන්නෝ ය. මා නිසා සියලු ජාතීහු ඔබට වෛර කරන්නාහ. එකල බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල බිඳ වැටෙනු ඇත. ඔව්හු ඔවුනොවුන් පාවා දෙන්නාහ; ඔවුනොවුන් කෙරෙහි වෛර බැඳගන්නාහ.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්න