ශු. මතෙව් 24:45-51

ශු. මතෙව් 24:45-51 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“එසේ නම් තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති සේවකයා කවුරු ද? ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි. එහෙත් ඒ නපුරු සේවකයා, ‘මගේ ස්වාමියා එන්නට පමා වෙතැ’ යි කියා ගනිමින් සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්, ඔහු එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, කැබලිවලට කපා, කුහකයින් සමඟ දමනු ඇත, එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇත.

ශු. මතෙව් 24:45-51 Sinhala Revised Old Version (SROV)

ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයිවැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත්කළ විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද? ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාදලද්දෙක්ය. සැබවක් නුඹලාට කියමි–ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය. නුමුත් ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන, තමාගේ සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්, ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලා නොසිටින දවසක නොදන්නා පැයක ඇවිත්, ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.

ශු. මතෙව් 24:45-51 Sinhala New Revised Version (NRSV)

“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද? ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය. එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා, තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්, ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී, ඔහුගේ ස්වාමියා අවුත්, ඔහුට දරුණු ලෙස දඬුවම් කර, කෛරාටිකයන්ට නියමිත තැන ඔහුටත් නියම කරනු ඇත. එහි දී වැලපීමත් දත්මිටිකෑමත් වන්නේ ය.”

ශු. මතෙව් 24:45-51 Sinhala New Revised Version 2018 (SNRV)