ශු. මතෙව් 23:15 - Compare All Versions

ශු. මතෙව් 23:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩ බිම හරහා සැරි සරති. එසේ හරවා ගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති.

බෙදාගන්න
ශු. මතෙව් 23 SCV

ශු. මතෙව් 23:15 SROV (Sinhala Revised Old Version)

ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා එක්කෙනෙකු හරවාගන්න පිණිස මුහුදත් ගොඩත් හැමතැනම ඇවිදින්නහුය; හරවාගත්තාම, නුඹලාටත් වඩා දෙගුණයක් ඔහු නිරයේ පුත්‍රයෙකු කරන්නහුය.

බෙදාගන්න
ශු. මතෙව් 23 SROV

ශු. මතෙව් 23:15 NRSV (Sinhala New Revised Version)

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.

බෙදාගන්න
ශු. මතෙව් 23 NRSV

ශු. මතෙව් 23:15 SNRV (Sinhala New Revised Version 2018)

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.

බෙදාගන්න
ශු. මතෙව් 23 SNRV

ශු. මතෙව් 23:15 NIV (New International Version)

“Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You travel over land and sea to win a single convert, and when you have succeeded, you make them twice as much a child of hell as you are.

බෙදාගන්න
ශු. මතෙව් 23 NIV