ශු. මතෙව් 23:1-39
ශු. මතෙව් 23:1-39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යේසුස්වහන්සේ ජන සමූහයාටත්, තම ගෝලයින්ටත් මෙසේ පැවසූ සේක: “දහම් පඬිවරු හා පරිසිවරු මෝසෙස්ගේ ආසනයේ හිඳ ගනිති. එබැවින් ඔවුන් ඔබට කියන සියලු දෑ කරන්න; පිළිපදින්න; එහෙත් ඔවුන් කරන දේ නො කරන්න. මන්ද තමන් දේශනා කරන දේ ඔවුන් පිළිපදින්නේ නැත. ඔවුහු දරන්නට බැරි, මහ බර පොදි බැඳ, ඒවා මිනිසුන්ගේ කර පිට පටවති; එහෙත් ඒවා අහක් කිරීමට ඇඟිල්ලකින්වත් සහාය නො දෙති. “කරන හැම දෙයක් ම ඔවුන් කරන්නේ, අන්‍යයනට පෙනෙන පිණිස ය: ඔවුහු තම පිලක්තාරි පළල් කර ගනිමින්, තම වස්ත්‍ර-දාවලු මහත් කර ගනිති. ඔවුහු මංගල සාදයන්හි දී ගෞරවනීය ස්ථාන දැරීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත් ආශා කරති; ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති. “එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය. මිහි පිට කිසිවකුට ඔබේ පියාණන්යැයි නො කියන්න. මන්ද ස්වර්ගයේ වෙසෙන එක පියාණන් කෙනකු ඔබට සිටී. උපදේශකයෙකැයි ඔබ අමතා නො ගත යුතු ය. මන්ද ඔබට උපදේශක එක් කෙනෙකි; ඒ ක්‍රිස්තුස්වහන්සේ ය. ඔබ අතරේ ශ්‍රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත. මන්ද තමා ම උසස් කර ගන්නා, පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා, උසස් කරනු ලැබේ. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණට ම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත. දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩ බිම හරහා සැරි සරති. එසේ හරවා ගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති. “මග පෙන්වන අන්ධයිනි, නුඹලාට වන විපතක මහත! ‘යමෙක්, දේව මාලිගය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ’ කියා ද එහෙත්, ‘දේව මාලිගයේ රත්රන්-පල්ල කියා දිවුළහොත් ඒ දිවිරීමෙන් ඔහු බැඳේ ය’ කියා ද නුඹලා කියති. අන්ධ මෝඩයිනි, වඩා උතුම් කොයික ද? රත්රන් ද? රත්රන් විශුද්ධ කරන දේව මාලිගය ද? ‘යමෙක්, පූජාසනය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ යයි ද එහෙත්, පූජාසනය මත වූ පඬුර-පල්ල කියා දිවුළහොත්, ඒ දිවිරීමෙන් ඔහු බැඳෙතැ’ යි ද නුඹලා කියති. අන්ධ මිනිසුනි, වඩා උතුම් කොයික ද? පඬුර ද? පඬුර විශුද්ධ කරන පූජාසනය ද? එනිසා, පූජාසනය ගැන දිවුරන්නා පූජාසනයත්, ඒ මත ඇති හැම දේ ගැනත් දිවුරයි. එසේ ම, දේව මාලිගය ගැන දිවුරන්නා දේව මාලිගයත්, එහි සිටින තැනැන්වහන්සේ ගැනත් දිවුරයි. තවද ස්වර්ගය ගැන දිවුරන්නා, දෙවියන්වහන්සේගේ සිංහාසනයත්, සිංහාසනයේ හිඳිනා තැනැන්වහන්සේ ගැනත් දිවුරයි. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතු ව තිබේ. මග පෙන්වන අන්ධයිනි, නුඹලා කෝඳුරුවා පෙරා හැර, ඔටුවා ගිල දමති. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා. අන්ධ පරිසිවරය, පළමු ව පීරිසියේත්, කෝප්පයේත් ඇතුළු පැත්ත පවිත්‍ර කරන්න. එවිට පිට පැත්ත ද පවිත්‍ර වේ. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුදු හුණු ගෑ සොහොන් කොත් වගේ ය. පිටතින් ඒවා අලංකාරයට පෙනේ. එහෙත් ඒවායේ ඇතුළත ඇත්තේ, මළ මිනිසුන්ගේ ඇටකටු හා සකල අපවිත්‍ර දෑ ය. නුඹලාත් එලෙස මිනිසුන් හමුවේ පිටත පෙනුමින් ධර්මිෂ්ඨයින් ය; එහෙත් නුඹලාගේ ඇතුළාන්තය කුහකකමින් හා නොපණත්කමින් පිරිලා ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා දිවැසිවරුන්ගේ සොහොන් කොත් ගොඩ නගා, ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් සරසා, ‘අපේ පියවරුන්ගේ කාලයේ අප සිටියා නම්, දිවැසිවරුන්ගේ ලේ හැලුමට අප ඔවුන් හා සම්බන්ධ නො වන්නෙමු’ යි කියති. මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනී මරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලා ම බැව් එයින් සාක්ෂි දරති. නුඹලාගේ පියවරුන්ගේ පාප මිම්මේ අඩුව සම්පූර්ණ කරනු! “සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද? එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත. මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දෙයක් ම මේ පරම්පරාව පිටට ම පැමිණෙනු ඇත කියායි. “අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන්නා වූ නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කර ගන්නා සේ, නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත. මෙන්න! ඔබේ නිවාසය පාළුවට හැර දමලා. මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත.”
ශු. මතෙව් 23:1-39 Sinhala New Revised Version (NRSV)
එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක: “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති. එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති. ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති. ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති. මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද, වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති. එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය. මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය. ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය. එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත. විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය. “අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබට වන විපතක මහත! මන්ද, ‘යමෙකු දේව මාලිගාවේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙකු දේව මාලිගාවේ රන්වල නාමයෙන් දිවුළොත්, ඒ දිවුරුමෙන් ඔහු බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය. අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද? තවද, යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙක් ඒ පිට තිබෙන පඬුරුවල නාමයෙන් දිවුළොත් ඔහු ඒ දිවුරුමෙන් බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය. අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද? එබැවින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ලේ නාමයෙන් දිවුරන්නේ ය, දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය. ස්වර්ගයේ නාමයෙන් දිවුරන්නා ද දෙවියන් වහන්සේගේත්, සිංහාසනයේත් නාමයෙන් හා එහි වැඩ හිඳින තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නේ ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි. අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ. අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ. එලෙස ම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත් ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ‘ඔබ දිවැසිවරයන්ට සොහොන් ඉදි කොට, සිල්වතුන්ගේ සොහොන් කොත් අලංකාර කරමින්, අපේ මුතුන්මිත්තන් ජීවත් ව සිටි කාලයේ දී අපිත් සිටියෙමු නම්, දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමු’යි කියන්නහු ය. මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය. එබැවින් ඔබගේ මුතුන්මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න. “සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ නිරයේ දඬුවමින් ගැළවෙන්නේ කෙසේ ද? එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය. මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය. සැබැවින් ම මම ඔබට කියමි, ඒ මුළු දඬුවම මේ පරම්පරාවේ අය පිට පැමිණෙනු ඇත.” “අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය. බලන්න, නුඹේ දේව මාලිගාව පාළු කරදමනු ලැබේ. මම නුඹට කියමි, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් වඩින තැනැත්තා හට ආසිරි වේ වා’යි නුඹ පවසන කාලය එන තුරු මෙතැන් සිට නුඹ මා තවත් නොදකින්නී ය.”
ශු. මතෙව් 23:1-39 Sinhala New Revised Version 2018 (SNRV)
එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක: “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති. එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති. ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති. ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති. මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද, වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති. එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය. මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය. ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය. එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත. විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය. “අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබට වන විපතක මහත! මන්ද, ‘යමෙකු දේව මාලිගාවේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙකු දේව මාලිගාවේ රන්වල නාමයෙන් දිවුළොත්, ඒ දිවුරුමෙන් ඔහු බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය. අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද? තවද, යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙක් ඒ පිට තිබෙන පඬුරුවල නාමයෙන් දිවුළොත් ඔහු ඒ දිවුරුමෙන් බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය. අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද? එබැවින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ලේ නාමයෙන් දිවුරන්නේ ය, දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය. ස්වර්ගයේ නාමයෙන් දිවුරන්නා ද දෙවියන් වහන්සේගේත්, සිංහාසනයේත් නාමයෙන් හා එහි වැඩ හිඳින තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නේ ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි. අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ. අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ. එලෙස ම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් ධර්මිෂ්ඨ ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ‘ඔබ දිවැසිවරයන්ට සොහොන් ඉදි කොට, ධර්මිෂ්ඨයින්ගේ සොහොන් කොත් අලංකාර කරමින්, අපේ මුතුන්මිත්තන් ජීවත් ව සිටි කාලයේ දී අපිත් සිටියෙමු නම්, දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමු’යි කියන්නහු ය. මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය. එබැවින් ඔබගේ මුතුන්මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න. “සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ නිරයේ දඬුවමින් ගැළවෙන්නේ කෙසේ ද? එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය. මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය. සැබැවින් ම මම ඔබට කියමි, ඒ මුළු දඬුවම මේ පරම්පරාවේ අය පිට පැමිණෙනු ඇත.” “අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය. බලන්න, නුඹේ දේව මාලිගාව පාළු කරදමනු ලැබේ. මම නුඹට කියමි, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් වඩින තැනැත්තා හට ආසිරි වේ වා’යි නුඹ පවසන කාලය එන තුරු මෙතැන් සිට නුඹ මා තවත් නොදකින්නී ය.”
ශු. මතෙව් 23:1-39 New International Version (NIV)
Then Jesus said to the crowds and to his disciples: “The teachers of the law and the Pharisees sit in Moses’ seat. So you must be careful to do everything they tell you. But do not do what they do, for they do not practice what they preach. They tie up heavy, cumbersome loads and put them on other people’s shoulders, but they themselves are not willing to lift a finger to move them. “Everything they do is done for people to see: They make their phylacteries wide and the tassels on their garments long; they love the place of honor at banquets and the most important seats in the synagogues; they love to be greeted with respect in the marketplaces and to be called ‘Rabbi’ by others. “But you are not to be called ‘Rabbi,’ for you have one Teacher, and you are all brothers. And do not call anyone on earth ‘father,’ for you have one Father, and he is in heaven. Nor are you to be called instructors, for you have one Instructor, the Messiah. The greatest among you will be your servant. For those who exalt themselves will be humbled, and those who humble themselves will be exalted. “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You shut the door of the kingdom of heaven in people’s faces. You yourselves do not enter, nor will you let those enter who are trying to. “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You travel over land and sea to win a single convert, and when you have succeeded, you make them twice as much a child of hell as you are. “Woe to you, blind guides! You say, ‘If anyone swears by the temple, it means nothing; but anyone who swears by the gold of the temple is bound by that oath.’ You blind fools! Which is greater: the gold, or the temple that makes the gold sacred? You also say, ‘If anyone swears by the altar, it means nothing; but anyone who swears by the gift on the altar is bound by that oath.’ You blind men! Which is greater: the gift, or the altar that makes the gift sacred? Therefore, anyone who swears by the altar swears by it and by everything on it. And anyone who swears by the temple swears by it and by the one who dwells in it. And anyone who swears by heaven swears by God’s throne and by the one who sits on it. “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You give a tenth of your spices—mint, dill and cumin. But you have neglected the more important matters of the law—justice, mercy and faithfulness. You should have practiced the latter, without neglecting the former. You blind guides! You strain out a gnat but swallow a camel. “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You clean the outside of the cup and dish, but inside they are full of greed and self-indulgence. Blind Pharisee! First clean the inside of the cup and dish, and then the outside also will be clean. “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You are like whitewashed tombs, which look beautiful on the outside but on the inside are full of the bones of the dead and everything unclean. In the same way, on the outside you appear to people as righteous but on the inside you are full of hypocrisy and wickedness. “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You build tombs for the prophets and decorate the graves of the righteous. And you say, ‘If we had lived in the days of our ancestors, we would not have taken part with them in shedding the blood of the prophets.’ So you testify against yourselves that you are the descendants of those who murdered the prophets. Go ahead, then, and complete what your ancestors started! “You snakes! You brood of vipers! How will you escape being condemned to hell? Therefore I am sending you prophets and sages and teachers. Some of them you will kill and crucify; others you will flog in your synagogues and pursue from town to town. And so upon you will come all the righteous blood that has been shed on earth, from the blood of righteous Abel to the blood of Zechariah son of Berekiah, whom you murdered between the temple and the altar. Truly I tell you, all this will come on this generation. “Jerusalem, Jerusalem, you who kill the prophets and stone those sent to you, how often I have longed to gather your children together, as a hen gathers her chicks under her wings, and you were not willing. Look, your house is left to you desolate. For I tell you, you will not see me again until you say, ‘Blessed is he who comes in the name of the Lord.’”