ශු. මතෙව් 22:8-14

ශු. මතෙව් 22:8-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ඉන්පසු තම සේවකයන් ඇමතූ ඔහු, ‘මංගල සාදය සූදානම්, එහෙත් ආරාධනා ලැබූ අය ඊට සුදුසු නැත. එබැවින් මං මාවත්වලට ගොස්, ඔබට හමුවන තරම් දෙනා සාදයට කැඳවන්නැ’ යි කී ය. සේවකයෝ මං මාවත්වලට ගියෝ, හොඳ හෝ නරක හෝ තමනට හමු වූ සියල්ලන් රැස් කළෝ ය. මෙසේ මංගල සාද ශාලාව අමුත්තන්ගෙන් පිරී ගියේ ය. “එහෙත් රජු, අමුත්තන් දකින්නට පැමිණි කල, මංගල උත්සව ඇඳුමින් තොර මිනිසකු සිටිනු දුටුවේ ය. රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නොමැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය. “එවිට රජු තම සේවකයින්ට කතා කොට, ‘මොහුගේ අත්, පා බැඳ, හැඬීමත්, දත්මිටි කෑමත් ඇති පිටත අන්ධකාරයෙහි හෙළනු’ යි කී ය. “මන්ද ඇරියුම් ලබන්නෝ බොහෝ ය; එහෙත් තෝරාගනු ලබන්නෝ ස්වල්පයැ” යි පැවසූ සේක.

ශු. මතෙව් 22:8-14 Sinhala Revised Old Version (SROV)

එවිට ඔහු තමාගේ දාසයන්ට කථාකොට: මංගල්‍යය සූදානම්කර තිබේ, නුමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුස්සෝ නොවෙති. ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය. ඒ දාසයෝ මහ මාවත් වලට ගොස් තමුන්ට සම්බවූ යහපත් අයහපත් සියල්ලන් රැස්කළෝය. අමුත්තන්ගෙන් මංගල්‍ය ශාලාව පිරුණේය. එහෙත් රජ්ජුරුවෝ අමුත්තන් දකින්ට පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑඳ සිටි මනුෂ්‍යයෙකු දැක: යහළුව, මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතැනට ආයෙහිදැයි ඔහුට කීහ. ඔහු වාක්රහිත විය. එවිට රජ්ජුරුවෝ කථාකොට: මොහුගේ අත්පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමන්න; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි සේවකයන්ට කීවේය. මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි කීසේක.

ශු. මතෙව් 22:8-14 Sinhala New Revised Version (NRSV)

එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය. ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය. එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක, ‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය. එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය. මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”

ශු. මතෙව් 22:8-14 Sinhala New Revised Version 2018 (SNRV)