ශු. මතෙව් 22:15-46
ශු. මතෙව් 22:15-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු පරිසිවරු ඉවත් ව ගොස්, කට වචනයෙන් උන්වහන්සේ හසුකර ගැනීමට සැලසුම් කළහ. ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන බවත් අපි දනිමු. එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ. එහෙත් ඔවුන්ගේ දුෂ්ට අදහස දැනගත් යේසුස්වහන්සේ, “වංචනිකයිනි, නුඹලා මා පරීක්ෂා කරන්නේ මන්ද? බදු ගෙවීමට ගන්නා කාසිය මට පෙන්වන්නැ” යි කී සේක. ඔවුහු ඩිනාරියක කාසියක් උන්වහන්සේ වෙත ගෙනාහ. එවිට උන්වහන්සේ, “මේ කවරකුගේ රූපය ද? කවරකුගේ සටහන දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ එවිට, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට කී සේක. ඒ ඇසූ කල, ඔවුහු මවිත වූහ. එබැවින් ඔවුහු උන්වහන්සේ අත්හැර, ඉවත ගියහ. මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ද එදින ම පැමිණ, උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. ඔවුහු කතා කරමින්, “ගුරුතුමනි, යමෙක් දරුවන් නො ලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කර ගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු බැව් මෝසෙස් කියා තිබේ. අප අතර සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහ වුණා; පසුව මැරුණා. ඔහුට දරුවන් නො වූ නිසා, ඔහුගේ භාර්යාව ඔහුගේ සහෝදරයාට බාර වූවා. දෙවැන්නාටත්, තෙවැන්නාටත්, ඉන්පසු හත්වැන්නා දක්වාත් සිදු වූයේ එයමයි. මේ හැමට පසුව ඒ ස්ත්‍රිය ද මිය ගියා. මරණින් නැවත නැගිටීමේදී ඈ මේ හත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද? මන්ද ඒ සැවොම ඇය විවාහ කර ගත් බැවිනැ” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් නො දන්නා නිසයි. මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් හා සමාන වේ. මළවුන් නැවත නැගිටීම ගැන දෙවියන්වහන්සේ ඔබට පැවසූ දෑ ඔබ කියවා නැද්ද? එනම්, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය.’ උන්වහන්සේ මළවුන්ගේ නො ව, ජීවතුන්ගේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූ සේක. ජන සමූහයා ඒ ඇසූ කල, උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ. යේසුස්වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ වග ඇසූ පරිසිවරු එක් රැස් වූහ. නීති වේදියකු වූ ඔවුන්ගෙන් කෙනෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින්, ප්‍රශ්න කරන්නේ: “ගුරුතුමනි, ව්‍යවස්ථාවෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කවර එක දැ?” යි ඇසී ය. උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනු’ මූලිකවූත්, ශ්‍රේෂ්ඨ වූත් ආඥාව එයයි. දෙවැන්න ඊට සමානයි: එනම්, ‘ඔබට ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්න ය. සමස්ත ව්‍යවස්ථාවත්, දිවැසි වැකිත් රඳා පවත්නේ මෙම ආඥා දෙක මත යැ” යි පැවසූ සේක. පරිසිවරුන් එක් රැස් ව සිටියදී යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ. එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “එසේ නම් දාවිත් ම ආත්මයාණන්වහන්සේ මගින් කතා කරමින්, ක්‍රිස්තුස්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියා ඇමතුවේ කෙසේ ද? “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පා යටට දමන තෙක් මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ, මා ස්වාමින්වහන්සේට පැවසූහ. මෙසේ දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියනවා නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක. වචනයකින් හෝ උන්වහන්සේට පිළිතුරු දෙන්නට කිසිවකුට නුපුළුවන් විණි. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො විණි.
ශු. මතෙව් 22:15-46 Sinhala Revised Old Version (SROV)
එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය. ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු. එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද කියා අපට කිව මැනවයි කීවෝය. නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද? ආදායම් මිලය මට පෙන්වන්නැයි කීසේක. ඔව්හු මස්සක් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. මේ රූපයත් සටහනත් කාගේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ඒ අසා මවිතව, උන්වහන්සේ අත්හැර ගියෝය. නැවත–නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු එදා උන්වහන්සේ වෙතට ඇවිත්: ආචාරීන්වහන්ස, යමෙකු දරුවන් නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ භාර්යාව සරණ පාවාගෙන, සහෝදරයා නමට දරුවන් උපදවන්ට ඕනෑයයි මෝසෙස් විසින් කියා තිබේ. අප අතරේ සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණු බැවින් ඔහුගේ භාර්යාව සහෝදරයාට වූවාය. දෙවෙනි තුන්වෙනි සත්වෙනි තැනැත්තා දක්වාත් එසේම වූයේය. සියල්ලන්ට පසු ස්ත්‍රීද නැසුණාය. සියල්ලන්ම ඈ සරණ පාවාගත් හෙයින්, නැවත–නැගිටීමේදී ඈ ඒ සත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය. මක්නිසාද නැවත–නැගිටීමේදී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත, එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති. නුමුත් මළවුන්ගේ නැගිටීම සම්බන්ධව නම්: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි දෙවියන්වහන්සේ නුඹලාට කී බව නුඹලා කියෙවුවේ නැද්ද? දෙවියන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. සමූහයෝ ඒ අසා, උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මපත්වූවෝය. උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව ඵරිසිවරු අසා, එකට රැස්වූවෝය. ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවේය. උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක. ඵරිසිවරු රැස්ව සිටියදී යේසුස්වහන්සේ කථාකොට: ක්‍රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? උන්වහන්සේ කාගේ පුත්‍රයාදැයි ඇසූසේක. දාවිත්ගේ පුත්‍රයායයි ඔව්හු කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: එසේවී නම් ආත්මයාණන් කරණකොටගෙන දාවිත් කථාකරමින්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කියමින්, උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ කෙලෙසද? මෙසේ දාවිත් උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක. උන්වහන්සේට වචනයක්වත් කියා උත්තරදෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය, එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණෙත් නැත.
ශු. මතෙව් 22:15-46 Sinhala New Revised Version (NRSV)
එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ. ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු. එබැවින් ඔබ සිතන්නේ කුමක් ද? සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද අයුතු දැ යි අපට කිව මැනවැ”යි කී හ. එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, “කෛරාටිකයෙනි, ඔබ මා පරීක්ෂා කරන්නේ මන් ද? බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැ”යි වදාළ සේක. ඔව්හු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ. “මේ රූපය හා සටහන කවරෙකුගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ, “එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි වදාළ සේක. ඔව්හු ඒ අසා මවිත ව උන් වහන්සේ අත්හැර ගියහ. ‘පුනරුජ්ජීවනයක් නැතැ’යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරු එම දවසේ ම උන් වහන්සේ වෙතට අවුත් මෙසේ ඇසූ හ. “ගුරුදේවයෙනි, ‘යමෙකු දරුවන් නොලැබ මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ තැනැත්තාගේ භාර්යාව පාවාගෙන, සිය සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතු ය’යි මෝසෙස් කියා ඇත. අප අතර සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක සරණ පාවාගෙන දරුවන් නැතිව මියගිය බැවින් ඔහුගේ භාර්යාව සහෝදරයාට භාර වූවා ය. ඒ දෙවැන්නා ද මළේ ය. තුන්වැන්නා ද මළේ ය; සත් වැනි සහෝදරයා දක්වා හැම දෙන ම මළෝ ය. සියල්ලන්ට පසුව ස්ත්‍රිය ද මළා ය. ඒ හැම දෙනා ම ඇය පාවාගත් හෙයින් පුනරුජ්ජීවනයේ දී ඈ ඒ සත් දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද?” ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ ශුද්ධ ලියවිලි වත්, දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදත්කමෙන් නොමඟ යන්නහු ය. මන්ද, පුනරුජ්ජීවනයේ දී මිනිසුන්ට ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැත; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන් වෙති. තවද, පුනරුජ්ජීවනය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ මේ දේ ඔබ කියවා නැද් ද? ‘ මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.” සමූහයෝ ඒ අසා, උන් වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මපත් වූ හ. උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ. ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්, “ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි ඇසී ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’ මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය. දෙ වන ආඥාව ද එයට සමාන ය. එනම්, ‘නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි. මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක. පරිසිවරුන් රැස් ව සිටිය දී ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ක්‍රිස්තුස් ගැන ඔබ කුමක් සිතන්නහු ද? උන් වහන්සේ කවරෙකුගේ පුත්‍රයා දැ”යි ඇසූ සේක. “දාවිත් රජුගේ පුත්‍රයා ය”යි ඔව්හු කී හ. උන් වහන්සේ ඔවුන්ගෙන් මෙසේ ඇසූ සේක: “එසේ නම්, දාවිත් ශුද්ධාත්මානුභාවයෙන් පෙළඹී උන් වහන්සේට ‘සමිඳාණන් ය’යි කීවේ කෙසේ ද? මන්ද, ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය. මෙසේ දාවිත් උන් වහන්සේට, ‘සමිඳාණන් ය’යි කියන්නේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?” එක වචන මාත්‍රයකින් වත් උන් වහන්සේට පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි විය. එදා පටන් උන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යය නොතිබිණි.
ශු. මතෙව් 22:15-46 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මතෙව් 22:15-46 New International Version (NIV)
Then the Pharisees went out and laid plans to trap him in his words. They sent their disciples to him along with the Herodians. “Teacher,” they said, “we know that you are a man of integrity and that you teach the way of God in accordance with the truth. You aren’t swayed by others, because you pay no attention to who they are. Tell us then, what is your opinion? Is it right to pay the imperial tax to Caesar or not?” But Jesus, knowing their evil intent, said, “You hypocrites, why are you trying to trap me? Show me the coin used for paying the tax.” They brought him a denarius, and he asked them, “Whose image is this? And whose inscription?” “Caesar’s,” they replied. Then he said to them, “So give back to Caesar what is Caesar’s, and to God what is God’s.” When they heard this, they were amazed. So they left him and went away. That same day the Sadducees, who say there is no resurrection, came to him with a question. “Teacher,” they said, “Moses told us that if a man dies without having children, his brother must marry the widow and raise up offspring for him. Now there were seven brothers among us. The first one married and died, and since he had no children, he left his wife to his brother. The same thing happened to the second and third brother, right on down to the seventh. Finally, the woman died. Now then, at the resurrection, whose wife will she be of the seven, since all of them were married to her?” Jesus replied, “You are in error because you do not know the Scriptures or the power of God. At the resurrection people will neither marry nor be given in marriage; they will be like the angels in heaven. But about the resurrection of the dead—have you not read what God said to you, ‘I am the God of Abraham, the God of Isaac, and the God of Jacob’? He is not the God of the dead but of the living.” When the crowds heard this, they were astonished at his teaching. Hearing that Jesus had silenced the Sadducees, the Pharisees got together. One of them, an expert in the law, tested him with this question: “Teacher, which is the greatest commandment in the Law?” Jesus replied: “ ‘Love the Lord your God with all your heart and with all your soul and with all your mind.’ This is the first and greatest commandment. And the second is like it: ‘Love your neighbor as yourself.’ All the Law and the Prophets hang on these two commandments.” While the Pharisees were gathered together, Jesus asked them, “What do you think about the Messiah? Whose son is he?” “The son of David,” they replied. He said to them, “How is it then that David, speaking by the Spirit, calls him ‘Lord’? For he says, “ ‘The Lord said to my Lord: “Sit at my right hand until I put your enemies under your feet.” ’ If then David calls him ‘Lord,’ how can he be his son?” No one could say a word in reply, and from that day on no one dared to ask him any more questions.