ශු. මතෙව් 21:45-46
ශු. මතෙව් 21:45-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේගේ එම උපමා ඇසූ කල ඒවා තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් වටහා ගත්හ. උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මං සොයමින් සිටි නමුදු ඔවුහු ජන සමූහයාට බය වූහ. මන්ද උන්වහන්සේ දිවැසිවරයකු වශයෙන් ජනයා පිළිගෙන තිබූ බැවිනි.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:45-46 Sinhala Revised Old Version (SROV)
නායක පූජකයොත් ඵරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා, ඒවා තමුන් ගැන කී බව දැන, උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි සමූහයා සැලකූ නිසා ඔවුන්ට භයවූවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:45-46 Sinhala New Revised Version (NRSV)
නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන, උන් වහන්සේ අල්ලාගන්න තැත් කළහ. එහෙත්, ‘උන් වහන්සේ දිවැසිවරයෙකැ’යි ජනතාව සැලකූ හෙයින් ඔව්හු ඔවුන්ට බිය වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්න