ශු. මතෙව් 21:1-3
ශු. මතෙව් 21:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කන්දේ පිහිටි බෙත්පාගයට ළඟා වූ කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනකු පිටත් කරමින්, ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි බූරු දෙනක ද ඌ සමඟ බූරු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න. කිසිවකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමින්වහන්සේට උන් වුවමනා වී ඇතැ’ යි කියන්න. එවිට ඔහු එවෙලේම උන් එවනු ඇතැ” යි කී සේක.
ශු. මතෙව් 21:1-3 Sinhala Revised Old Version (SROV)
ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්: නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න. යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.
ශු. මතෙව් 21:1-3 Sinhala New Revised Version (NRSV)
ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්රාවකයන් දෙදෙනෙකු යවමින්, “ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න. යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
ශු. මතෙව් 21:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්රාවකයන් දෙදෙනෙකු යවමින්, “ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න. යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
ශු. මතෙව් 21:1-3 New International Version (NIV)
As they approached Jerusalem and came to Bethphage on the Mount of Olives, Jesus sent two disciples, saying to them, “Go to the village ahead of you, and at once you will find a donkey tied there, with her colt by her. Untie them and bring them to me. If anyone says anything to you, say that the Lord needs them, and he will send them right away.”