ශු. මතෙව් 2:9-10
ශු. මතෙව් 2:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජු කී දෑ ඇසූ පසු ඔවුහු යළි තම ගමන ඇරඹූහ. එකල මෙන්න! නැගී තිබෙනවා ඔවුන් දැක තිබූ තරුව දරුවා සිටි තැන දක්වා ඔවුන්ට පෙරටුව ගොස්, එතැන නැවතුණේ ය. තරුව දුටු ඔවුහු මහා ප්රීතියකින් උද්දාමයට පත් වූහ.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්නශු. මතෙව් 2:9-10 Sinhala Revised Old Version (SROV)
ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්රීතියකින් ප්රීතිවූවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්නශු. මතෙව් 2:9-10 Sinhala New Revised Version (NRSV)
රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්රීති ප්රමෝද වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්නශු. මතෙව් 2:9-10 Sinhala New Revised Version 2018 (SNRV)
රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්රීති ප්රමෝද වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 2 කියවන්න