ශු. මතෙව් 2:1-6

ශු. මතෙව් 2:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ, “යුදෙව්වරුන්ගේ රජ ව උපන් තැනැත්තේ කොහේ ද? මන්ද එතුමාණන්ගේ තරුව නැගෙනහිරින් දැක, අප මේ ආවේ එතුමාණන්ට නමස්කාර කරන්නට යැ” යි කීහ. ඒ ඇසූ හෙරෝද් රජු ද ඔහු සමඟ මුළු යෙරුසලම ද කැලඹිණි. ජනයාගේ නායක පූජක සියල්ලන් හා දහම් පඬිවරුන් රැස් කර වූ ඔහු, ක්‍රිස්තුස්වහන්සේ කොතැන්හි උපදින්නට නියමිතදැයි ඔවුන්ගෙන් විමසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ බෙත්ලෙහෙමෙදීයි. මන්ද දිවැසිවරයා ලියා තිබෙන්නේ: “ ‘එම්බා, යූදා දේශයේ බෙත්ලෙහෙම, යූදාහි අධිපතීන් අතර නුඹ කිසි සේත් සුළු වන්නේ නැත; මන්ද මගේ ජනයා වූ ඉශ්‍රායෙල්ගේ එඬේරාණන් වන පාලකයෙක් නුඹගෙන් නික්ම එනු ඇත’ කියා යැ” යි කීහ.

ශු. මතෙව් 2:1-6 Sinhala Revised Old Version (SROV)

තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්: යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය. හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය. එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය. ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද– එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, ‍ නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය.

ශු. මතෙව් 2:1-6 Sinhala New Revised Version (NRSV)

හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, “ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ. එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, “ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය. ඔව්හු කතා කොට, “ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ; ‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි ඔහුට කී හ.

ශු. මතෙව් 2:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, “ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ. එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, “ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය. ඔව්හු කතා කොට, “ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ; ‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ ”යි ඔහුට කී හ.