ශු. මතෙව් 19:8-12

ශු. මතෙව් 19:8-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඔබට අවසර දුන්නේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. එහෙත් පටන් ගැන්මේ සිට වූයේ එලෙස නො වේ. මා ඔබට කියන්නේ ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කර ගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙන්නේ යැ” යි පැවසූ සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “එය දෙන ලද අයට හැර, හැම කෙනකුට ම එය පිළිගත හැකි කීමක් නො වේ. මන්ද උපතින් ම නපුංසක වූවෝ වෙති. මිනිසුන් විසින් නපුංසක කරන ලද අය ද ස්වර්ග රාජ්‍යය උදෙසා තමන් ම නපුංසක ව සිටින අය ද වෙති. මෙය පිළිගත හැකි අය එලෙස පිළිගනිත්වා!” යි පැවසූ සේක.

ශු. මතෙව් 19:8-12 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේද: නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසෙස් නුඹලාගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක. තවද මම නුඹලාට කියමි–වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක. ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්ත්‍රීත් පුරුෂයාත් අතරේ කාරණය මෙසේ නම් සරණපාවා නොගැන්ම වඩා හොඳයයි කීවෝය. එහෙත් උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පුළුවන්කම ලැබූ අය මිස හැම දෙනාටම මේ කීම පිළිගන්ට බැරිය. මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.

ශු. මතෙව් 19:8-12 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය”යි ඔවුන්ට වදාළ සේක. “තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, “ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා”යි වදාළ සේක.

ශු. මතෙව් 19:8-12 Sinhala New Revised Version 2018 (SNRV)