ශු. මතෙව් 19:16-28 - Compare All Versions

ශු. මතෙව් 19:16-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට මෙන්න! යේසුස්වහන්සේ වෙත පැමිණි එක් මිනිසෙක්, “ගුරුතුමනි, සදාතන ජීවනය ලබා ගනු පිණිස මා කවර යහපතක් කළ යුතු දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත් ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක. “කවර ඒවා දැ?” යි ඔහු ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනී නො මරනු, පරදාර සේවනය නො කරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො දෙනු, ඔබේ පියාට හා මවට ගරු කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක. “ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක. ඒ ඇසූ තරුණයා සොවට පත් ව, ඉවත් ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමි ව සිටියේ ය. එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි. නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක. මේ ඇසූ ගෝලයෝ අතිශයෙන් විස්මිත ව, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ. එවිට ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “මිනිසුන්ට මෙය කොහෙත් ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි පැවසූ සේක. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක් ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කිරීමේදී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසේ සිංහාසනයේ හිඳ ගන්නා කල, මා අනුව ආ ඔබත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස විනිශ්චය කරමින්, සිංහාසන දොළහක් මත හිඳ ගන්නා බවයි.

බෙදාගන්න
ශු. මතෙව් 19 SCV

ශු. මතෙව් 19:16-28 SROV (Sinhala Revised Old Version)

බලව, එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් කරම්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේද: නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක. ඒ කොයි ඒවාදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ කියනසේක්: මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක. යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක. නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය. එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීම අමාරුය. නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක. ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක. එවිට පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.

බෙදාගන්න
ශු. මතෙව් 19 SROV

ශු. මතෙව් 19:16-28 NRSV (Sinhala New Revised Version)

වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක. “කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක. තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි. එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය. යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක. එවිට පේදුරු කතා කරමින්, “බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය.

බෙදාගන්න
ශු. මතෙව් 19 NRSV

ශු. මතෙව් 19:16-28 SNRV (Sinhala New Revised Version 2018)

ශු. මතෙව් 19 SNRV

ශු. මතෙව් 19:16-28 NIV (New International Version)

Just then a man came up to Jesus and asked, “Teacher, what good thing must I do to get eternal life?” “Why do you ask me about what is good?” Jesus replied. “There is only One who is good. If you want to enter life, keep the commandments.” “Which ones?” he inquired. Jesus replied, “ ‘You shall not murder, you shall not commit adultery, you shall not steal, you shall not give false testimony, honor your father and mother,’ and ‘love your neighbor as yourself.’” “All these I have kept,” the young man said. “What do I still lack?” Jesus answered, “If you want to be perfect, go, sell your possessions and give to the poor, and you will have treasure in heaven. Then come, follow me.” When the young man heard this, he went away sad, because he had great wealth. Then Jesus said to his disciples, “Truly I tell you, it is hard for someone who is rich to enter the kingdom of heaven. Again I tell you, it is easier for a camel to go through the eye of a needle than for someone who is rich to enter the kingdom of God.” When the disciples heard this, they were greatly astonished and asked, “Who then can be saved?” Jesus looked at them and said, “With man this is impossible, but with God all things are possible.” Peter answered him, “We have left everything to follow you! What then will there be for us?” Jesus said to them, “Truly I tell you, at the renewal of all things, when the Son of Man sits on his glorious throne, you who have followed me will also sit on twelve thrones, judging the twelve tribes of Israel.

බෙදාගන්න
ශු. මතෙව් 19 NIV