ශු. මතෙව් 17:14-27
ශු. මතෙව් 17:14-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, මගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි. ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහි ම දරුවා සුව කරනු ලැබිණ. පසුව ගෝලයෝ, පෞද්ගලික ව යේසුස්වහන්සේ වෙත අවුත්, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම් වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත් ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදු වන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත. මේ වර්ගය යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක. ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයෙන් සොවින් බරවූහ. ඔවුන් කපර්ණවුමට පැමිණි කල, ෂෙකෙල් භාගයේ බදු අය කරන්නෝ පේතෘස් වෙත ගොස්, “ඔබේ ගුරුතුමා දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ?” යි ඇසූහ. “ගෙවනවා” යි කී ඔහු ගෙට පැමිණි විට, යේසුස්වහන්සේ පළමු ව ඔහු අමතමින්, “සීමොන්, ඔබ සිතන්නේ කුමක් ද? මිහි පිට රජුන් බදු, වරිපණම් අය කරන්නේ තමන්ගේ ම පුතුන්ගෙන් ද? නැති නම් අන්‍යයන්ගෙන් දැ?” යි ඇසූ සේක. “අන්‍යයන්ගෙනි” යි ඔහු කී කල, යේසුස්වහන්සේ, “එසේ නම්, පුත්‍රයින් ඉන් නිදහස්; එසේ වුවත් අප ඔවුන්ට බාධා කළ යුතු නැහැ. එනිසා මුහුදට ගොස්, බිලි බා, මුලින් ම හසුවන මාළුවා ගන්න; උගේ මුව ඇරිය විට ෂෙකෙලයක් හමු වෙයි. එයින් ඔබගෙත්, මගෙත් බද්ද ගෙවන්නැ” යි කී සේක.
ශු. මතෙව් 17:14-27 Sinhala Revised Old Version (SROV)
ඔවුන් සමූහයා ළඟට ආ කල මනුෂ්‍යයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ: ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි. ඔබවහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි, ඔහු සුවපත්කරන්ට ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක. යේසුස්වහන්සේ ඔහුට තරවටුකළසේක; එවිට යක්ෂයා ඔහුගෙන් දුරුව ගියේය. ඒ පැයේ පටන් ළමයා සුවපත්විය. එවිට ගෝලයෝ තනිව යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔහු දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි ඇසුවෝය. උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; කිසිවක් නුඹලාට බැරි නොවන්නේයයි කීසේක. ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේය; ඔව්හුද ඔහු මරන්නෝය, නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක. එවිට ඔව්හු අතිශයෙන් ශෝකවූවෝය. ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල් භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල් භාගය නොගෙවනසේක්දැයි කීවෝය. ගෙවනසේකැයි ඔහු කීවේය. ඔහු ගෙට ආ කල යේසුස්වහන්සේ පළමුවෙන් ඔහුට කථාකොට: සීමොන්, නුඹ හිතන්නේ මොකද? පොළොවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්දැයි කීසේක. අන්‍යයන්ගෙන්යයි ඔහු කී කල යේසුස්වහන්සේ කථාකොට: එසේ නම් පුත්‍රයෝ නිදහස්ය. නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක.
ශු. මතෙව් 17:14-27 New International Version (NIV)
When they came to the crowd, a man approached Jesus and knelt before him. “Lord, have mercy on my son,” he said. “He has seizures and is suffering greatly. He often falls into the fire or into the water. I brought him to your disciples, but they could not heal him.” “You unbelieving and perverse generation,” Jesus replied, “how long shall I stay with you? How long shall I put up with you? Bring the boy here to me.” Jesus rebuked the demon, and it came out of the boy, and he was healed at that moment. Then the disciples came to Jesus in private and asked, “Why couldn’t we drive it out?” He replied, “Because you have so little faith. Truly I tell you, if you have faith as small as a mustard seed, you can say to this mountain, ‘Move from here to there,’ and it will move. Nothing will be impossible for you.” When they came together in Galilee, he said to them, “The Son of Man is going to be delivered into the hands of men. They will kill him, and on the third day he will be raised to life.” And the disciples were filled with grief. After Jesus and his disciples arrived in Capernaum, the collectors of the two-drachma temple tax came to Peter and asked, “Doesn’t your teacher pay the temple tax?” “Yes, he does,” he replied. When Peter came into the house, Jesus was the first to speak. “What do you think, Simon?” he asked. “From whom do the kings of the earth collect duty and taxes—from their own children or from others?” “From others,” Peter answered. “Then the children are exempt,” Jesus said to him. “But so that we may not cause offense, go to the lake and throw out your line. Take the first fish you catch; open its mouth and you will find a four-drachma coin. Take it and give it to them for my tax and yours.”