ශු. මතෙව් 17:14-16
ශු. මතෙව් 17:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, මගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි. ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය.
ශු. මතෙව් 17:14-16 Sinhala Revised Old Version (SROV)
ඔවුන් සමූහයා ළඟට ආ කල මනුෂ්‍යයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ: ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි. ඔබවහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි, ඔහු සුවපත්කරන්ට ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.
ශු. මතෙව් 17:14-16 Sinhala New Revised Version (NRSV)
ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, “ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි; මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.
ශු. මතෙව් 17:14-16 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, “ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි; මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.
ශු. මතෙව් 17:14-16 New International Version (NIV)
When they came to the crowd, a man approached Jesus and knelt before him. “Lord, have mercy on my son,” he said. “He has seizures and is suffering greatly. He often falls into the fire or into the water. I brought him to your disciples, but they could not heal him.”