ශු. මතෙව් 15:4-6
ශු. මතෙව් 15:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත. එහෙත් ඔබ කියන්නේ, යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘ඔබගේ ප්රයෝජනයට මා ඔබට දිය යුතු ව තිබූ දෑ, දෙවියන්වහන්සේට කැප කළා’ යි කිවහොත්, ඔහුගේ පියාට හෝ මවට ගෞරව කළ යුතු නැත කියා ය. මෙසේ ඔබ, ඔබගේ ම සම්ප්රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ ආඥා අවලංගු කරති.
ශු. මතෙව් 15:4-6 Sinhala Revised Old Version (SROV)
නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක. එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට–මාගෙන් ඔබට ප්රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.
ශු. මතෙව් 15:4-6 Sinhala New Revised Version (NRSV)
‘නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අපවාද කියන්නා මරණය වින්ද යුතු ම ය’යි දෙවියන් වහන්සේ වදාළ සේක. එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව, පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය.
ශු. මතෙව් 15:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
‘නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අපවාද කියන්නා මරණය වින්ද යුතු ම ය’යි දෙවියන් වහන්සේ වදාළ සේක. එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව, පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය.
ශු. මතෙව් 15:4-6 New International Version (NIV)
For God said, ‘Honor your father and mother’ and ‘Anyone who curses their father or mother is to be put to death.’ But you say that if anyone declares that what might have been used to help their father or mother is ‘devoted to God,’ they are not to ‘honor their father or mother’ with it. Thus you nullify the word of God for the sake of your tradition.