ශු. මතෙව් 14:24-26
ශු. මතෙව් 14:24-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ අතර ගොඩ බිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි. රාත්රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක. එහෙත් උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ගෝලයෝ බියෙන් වෙළී, “අවතාරයක් ය” කියමින් බියෙන් කෑ ගැසූහ.
ශු. මතෙව් 14:24-26 Sinhala Revised Old Version (SROV)
එහෙත් හුළඟ ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි සෙලවී මුහුද මැද තිබුණේය. රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැලඹී: ඒ අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය.
ශු. මතෙව් 14:24-26 Sinhala New Revised Version (NRSV)
සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි. අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. ශ්රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, “ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.
ශු. මතෙව් 14:24-26 Sinhala New Revised Version 2018 (SNRV)
සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි. අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. ශ්රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, “ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.
ශු. මතෙව් 14:24-26 New International Version (NIV)
and the boat was already a considerable distance from land, buffeted by the waves because the wind was against it. Shortly before dawn Jesus went out to them, walking on the lake. When the disciples saw him walking on the lake, they were terrified. “It’s a ghost,” they said, and cried out in fear.