ශු. මතෙව් 12:39-40 - Compare All Versions

ශු. මතෙව් 12:39-40 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් දිවැසිවර යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ. මන්ද යෝනා, යෝධ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 12 SCV

ශු. මතෙව් 12:39-40 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය.

බෙදාගන්න
ශු. මතෙව් 12 SROV

ශු. මතෙව් 12:39-40 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ. ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 12 NRSV

ශු. මතෙව් 12:39-40 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ. ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 12 SNRV

ශු. මතෙව් 12:39-40 NIV (New International Version)

He answered, “A wicked and adulterous generation asks for a sign! But none will be given it except the sign of the prophet Jonah. For as Jonah was three days and three nights in the belly of a huge fish, so the Son of Man will be three days and three nights in the heart of the earth.

බෙදාගන්න
ශු. මතෙව් 12 NIV