ශු. මතෙව් 12:34-37
ශු. මතෙව් 12:34-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි. හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ. එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැන ම ගණන් දීමට සිදුවන බවයි. මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේ ම වචන මගිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේ ම වචන මගිනි” යි පැවසූ සේක.
ශු. මතෙව් 12:34-37 Sinhala Revised Old Version (SROV)
පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. තවද මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.
ශු. මතෙව් 12:34-37 Sinhala New Revised Version (NRSV)
එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ. යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි. තවද, මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි. ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.”
ශු. මතෙව් 12:34-37 Sinhala New Revised Version 2018 (SNRV)
එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ. යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි. තවද, මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි. ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.”
ශු. මතෙව් 12:34-37 New International Version (NIV)
You brood of vipers, how can you who are evil say anything good? For the mouth speaks what the heart is full of. A good man brings good things out of the good stored up in him, and an evil man brings evil things out of the evil stored up in him. But I tell you that everyone will have to give account on the day of judgment for every empty word they have spoken. For by your words you will be acquitted, and by your words you will be condemned.”