ශු. මතෙව් 12:11-12
ශු. මතෙව් 12:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද? බැටළුවකුට වඩා මිනිසකු කොතරම් වටිනවා ද! එබැවින්, සබතේ දවසේදී යහපත කිරීම නිත්‍යානුකූල යැ” යි පැවසූ සේක.
ශු. මතෙව් 12:11-12 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද? එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා
ශු. මතෙව් 12:11-12 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ අතරෙන් එක බැටළුවෙකු පමණක් හිමි මිනිසෙකු ඒ බැටළුවා සබත් දිනක දී වළක වැටුණොත්, ඌ ඔසවා ගොඩ ගන්නේ නැද් ද? ඉදින්, මිනිසෙකු බැටළුවෙකුට වඩා බොහෝ වටින්නේ නැද් ද? එබැවින් සබත් දිනයේ දී යහපත කරන්න යුතු ය”යි ඔවුන්ට වදාරා
ශු. මතෙව් 12:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ අතරෙන් එක බැටළුවෙකු පමණක් හිමි මිනිසෙකු ඒ බැටළුවා සබත් දිනක දී වළක වැටුණොත්, ඌ ඔසවා ගොඩ ගන්නේ නැද් ද? ඉදින්, මිනිසෙකු බැටළුවෙකුට වඩා බොහෝ වටින්නේ නැද් ද? එබැවින් සබත් දිනයේ දී යහපත කරන්න යුතු ය”යි ඔවුන්ට වදාරා
ශු. මතෙව් 12:11-12 New International Version (NIV)
He said to them, “If any of you has a sheep and it falls into a pit on the Sabbath, will you not take hold of it and lift it out? How much more valuable is a person than a sheep! Therefore it is lawful to do good on the Sabbath.”