ශු. මතෙව් 1:22-24
ශු. මතෙව් 1:22-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඉටු වන පිණිස ය. එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් යන නම උන්වහන්සේට තබනු ඇත” යන්නයි. එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි. යෝසෙප් නින්දෙන් අවදි වූ පසු, ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට අණ කළ පරිදි කරමින්, ඇය තම භාර්යාව කොට ආවාහ කර ගත්තේ ය.
ශු. මතෙව් 1:22-24 Sinhala Revised Old Version (SROV)
මේ සියල්ල සිද්ධවූයේ– බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. කියා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි. එවිට යෝසෙප් නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය
ශු. මතෙව් 1:22-24 Sinhala New Revised Version (NRSV)
මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්: “මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.
ශු. මතෙව් 1:22-24 Sinhala New Revised Version 2018 (SNRV)
මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්: “මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.
ශු. මතෙව් 1:22-24 New International Version (NIV)
All this took place to fulfill what the Lord had said through the prophet: “The virgin will conceive and give birth to a son, and they will call him Immanuel” (which means “God with us”). When Joseph woke up, he did what the angel of the Lord had commanded him and took Mary home as his wife.