ශු. මතෙව් 1:1-5
ශු. මතෙව් 1:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආබ්රහම්ගේ පුත්ර, දාවිත්ගේ පුත්ර යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය: ආබ්රහම්, ඊසාක්ගේ පියා ය. ඊසාක්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. යූදා, පෙරෙස්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමාර් ය. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය. රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්ගේ මව රාහාබ් ය. බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්ගේ මව රූත් ය. ඕබේද්, යෙස්සේගේ පියා ය.
ශු. මතෙව් 1:1-5 Sinhala Revised Old Version (SROV)
ආබ්රහම්ගේ පුත්රයා වන දාවිත්ගේ පුත්රවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පරම්පරාවේ පොතය. ආබ්රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය; යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්රොන් උපන්නේය; හෙශ්රොන්ට දාව රාම් උපන්නේය; රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය; සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය
ශු. මතෙව් 1:1-5 Sinhala New Revised Version (NRSV)
ආබ්රහම්ගේ ද දාවිත්ගේ ද පුත්ර වූ ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය. ආබ්රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ. ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේරොන් ද, හශේරොන්ට දාව ආරාම් ද, ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද
ශු. මතෙව් 1:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
ආබ්රහම්ගේ ද දාවිත්ගේ ද පුත්ර වූ ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය. ආබ්රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ. ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හෙශ්රොන් ද, හෙශ්රොන්ට දාව ආරාම් ද, ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද
ශු. මතෙව් 1:1-5 New International Version (NIV)
This is the genealogy of Jesus the Messiah the son of David, the son of Abraham: Abraham was the father of Isaac, Isaac the father of Jacob, Jacob the father of Judah and his brothers, Judah the father of Perez and Zerah, whose mother was Tamar, Perez the father of Hezron, Hezron the father of Ram, Ram the father of Amminadab, Amminadab the father of Nahshon, Nahshon the father of Salmon, Salmon the father of Boaz, whose mother was Rahab, Boaz the father of Obed, whose mother was Ruth, Obed the father of Jesse