මලාකී 2:17 - Compare All Versions
මලාකී 2:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ, ඔබේ ම වචනවලින් ස්වාමින්වහන්සේ වෙහෙසට පැමිණ වූහ. “අප කෙලෙසක උන්වහන්සේ වෙහෙසට පත් කර ඇත් දැ?” යි ඔබ අසති. “දුෂ්ටකම් කරන සියල්ලන් ස්වාමින්වහන්සේගේ ඇස්වලට මනාපය; උන්වහන්සේ ඔවුන්ට ප්‍රිය යැ” යි කීමෙන් හා “යුක්තියේ දෙවියන්වහන්සේ දැන් කොහේ දැ?” යි කීමෙනි.
මලාකී 2:17 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ වචනවලින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙහෙසූහුය. එහෙත්: අපි කුමකින් උන්වහන්සේ වෙහෙසූයෙමුදැයි නුඹලා අසන්නහුය. නපුර කරන සියල්ලෝම ස්වාමීන්වහන්සේ ඉදිරියේ යහපත්ය, උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනදැයි නුඹලා විසින් කීමෙන්ය.
මලාකී 2:17 NRSV (Sinhala New Revised Version)
ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.
මලාකී 2:17 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.
මලාකී 2:17 NIV (New International Version)
You have wearied the LORD with your words. “How have we wearied him?” you ask. By saying, “All who do evil are good in the eyes of the LORD, and he is pleased with them” or “Where is the God of justice?”