ශු. ලූක් 9:53-55
ශු. ලූක් 9:53-55 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් එහි ජනයා උන්වහන්සේ පිළිගත්තේ නැත; මන්ද උන්වහන්සේ යෙරුසලම දෙසට මුහුණ යොමු කර යමින් සිටි බැවිනි. ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් වෙත හැරී ඔවුනට තරවටු කළ සේක.
ශු. ලූක් 9:53-55 Sinhala Revised Old Version (SROV)
නුමුත් උන්වහන්සේ යෙරුසලම දෙසම බලා යන්නාක්මෙන් පෙනුණු නිසා ඔව්හු උන්වහන්සේ පිළි නොගත්තෝය. උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය. නුමුත් උන්වහන්සේ හැරී ඔවුන්ට තරවටුකළසේක.
ශු. ලූක් 9:53-55 Sinhala New Revised Version (NRSV)
එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. උන් වහන්සේගේ ශ්රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක.
ශු. ලූක් 9:53-55 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. උන් වහන්සේගේ ශ්රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක.
ශු. ලූක් 9:53-55 New International Version (NIV)
but the people there did not welcome him, because he was heading for Jerusalem. When the disciples James and John saw this, they asked, “Lord, do you want us to call fire down from heaven to destroy them?” But Jesus turned and rebuked them.