ශු. ලූක් 9:51-56
ශු. ලූක් 9:51-56 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ ඔසවනු ලැබීමේ දවස් ළඟා වෙත් ම, යෙරුසලමට යන පිණිස තම මුහුණ යොමු කර, තමන්ට පෙරටුව දූතයින් යැවූ සේක. ඔවුහු උන්වහන්සේ උදෙසා පිළියෙල කරන්නට සමාරියයන්ගේ ගමකට පිවිසුණහ. එහෙත් එහි ජනයා උන්වහන්සේ පිළිගත්තේ නැත; මන්ද උන්වහන්සේ යෙරුසලම දෙසට මුහුණ යොමු කර යමින් සිටි බැවිනි. ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් වෙත හැරී ඔවුනට තරවටු කළ සේක. ඔවුහු වෙනත් ගමකට පිය නැගූහ.
ශු. ලූක් 9:51-56 Sinhala Revised Old Version (SROV)
තවද උන්වහන්සේ ඔසවාගනු ලබන දවස් ආසන්නවූ කල, උන්වහන්සේ යෙරුසලමට යන පිණිස ස්ථිරලෙසින් තමන් මුහුණ යොමුකොට, තමන්ට පෙරටුව දූතයන් ඇරියසේක. ඔව්හු ගොස් උන්වහන්සේට උවමනා දේ පිළියෙළකරන පිණිස සමාරිවරුන්ගේ ගමකට ඇතුල්වූවෝය. නුමුත් උන්වහන්සේ යෙරුසලම දෙසම බලා යන්නාක්මෙන් පෙනුණු නිසා ඔව්හු උන්වහන්සේ පිළි නොගත්තෝය. උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය. නුමුත් උන්වහන්සේ හැරී ඔවුන්ට තරවටුකළසේක. එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.
ශු. ලූක් 9:51-56 Sinhala New Revised Version (NRSV)
තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන් තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ. එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක. ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.
ශු. ලූක් 9:51-56 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන් තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ. එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක. ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.
ශු. ලූක් 9:51-56 New International Version (NIV)
As the time approached for him to be taken up to heaven, Jesus resolutely set out for Jerusalem. And he sent messengers on ahead, who went into a Samaritan village to get things ready for him; but the people there did not welcome him, because he was heading for Jerusalem. When the disciples James and John saw this, they asked, “Lord, do you want us to call fire down from heaven to destroy them?” But Jesus turned and rebuked them. Then he and his disciples went to another village.