ශු. ලූක් 4:9-13
ශු. ලූක් 4:9-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔහු යෙරුසලමට උන්වහන්සේ ගෙන ගොස්, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්රයා නම් මෙතැනින් බිමට පනින්න; මන්ද: “ ‘ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ ස්වකීය දූතයිනට ඔබ ගැන අණ කරනු ඇත’ කියා ද, ‘ඔබගේ පාද ගලක නො වදින ලෙසට ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත’ කියා ද ලියා ඇතැ” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු’ යි කියා ඇතැ” යි පැවසූ සේක. මෙසේ සෑම පරීක්ෂාවක් ම නිම කළ යක්ෂයා සුදුසු අවස්ථාවක් එන තෙක් උන්වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.
ශු. ලූක් 4:9-13 Sinhala Revised Old Version (SROV)
එවිට ඔහු උන්වහන්සේ යෙරුසලමට ගෙනගොස්, දේවමාළිගාව මුදුනේ සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්රයා නම් මෙතැනින් පහතට පනින්න; මක්නිසාද, ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අණදෙනසේක කියාත්, ඔබගේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු අත් පිට ඔබ උසුලාගන්නෝය කියාත් ලියා තිබේයයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේයයි කීසේක. යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා, කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය.
ශු. ලූක් 4:9-13 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්රයා නම් මෙතැනින් පහතට පනින්න. එසේ කියන්නේ, ‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද ‘යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ’යි ද කියා ලියා ඇති බැවිනැ”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,’ කියා ද ලියා ඇතැ”යි වදාළ සේක. යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.
ශු. ලූක් 4:9-13 Sinhala New Revised Version 2018 (SNRV)
ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්රයා නම් මෙතැනින් පහතට පනින්න. එසේ කියන්නේ, ‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද ‘යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ’යි ද කියා ලියා ඇති බැවිනැ”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,’ කියා ද ලියා ඇතැ”යි වදාළ සේක. යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.
ශු. ලූක් 4:9-13 New International Version (NIV)
The devil led him to Jerusalem and had him stand on the highest point of the temple. “If you are the Son of God,” he said, “throw yourself down from here. For it is written: “ ‘He will command his angels concerning you to guard you carefully; they will lift you up in their hands, so that you will not strike your foot against a stone.’” Jesus answered, “It is said: ‘Do not put the Lord your God to the test.’” When the devil had finished all this tempting, he left him until an opportune time.