ශු. ලූක් 4:33-37

ශු. ලූක් 4:33-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සිනගෝගයේ සිටි අශුද්ධ යක්ෂාත්මයක් ආවේශ වූ මිනිසෙක් ඉතා උස් හඬින් කෑ ගසා, “හා! අපෙන් ඔබට ඇති කාරිය මොකක් ද නාසරෙත්හි යේසුස්වහන්ස? ඔබ ආවේ අප විනාශ කර දමන්න ද? ඔබ කවුරුදැයි මා දන්නවා; ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ යැ” යි කීවේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්. “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට ඔවුන් මධ්‍යයේ ඔහු බිම හෙළූ යක්ෂාත්මය, ඔහුට හානියක් නො කර, ඔහුගෙන් පිටතට ආවේ ය. ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතු ව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ. උන්වහන්සේ පිළිබඳ වාර්තා අවට පෙදෙස් පුරා පැතිර ගියේ ය.

ශු. ලූක් 4:33-37 Sinhala Revised Old Version (SROV)

අශුද්ධ යක්ෂආත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිනගෝගයෙහි සිටියේය; ඔහු මහත් හඬින් මොරගසමින්: අහෝ! නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශකරන්ට ආසේක්ද? ඔබ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීවේය. යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය. සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය. තවද වටකර පළාතේ සෑමතැන්හි උන්වහන්සේ ගැන ආරංචියක් පතළවිය.

ශු. ලූක් 4:33-37 Sinhala New Revised Version (NRSV)

අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසෙක් ධර්මශාලාවෙහි සිටියේ ය. ඔහු මහ හඬින් මොරගසා, “අහෝ! නාසරෙත්හි ජේසුස් තුමෙ‍නි ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය”යි කී ය. ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය. සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙ‍තුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ. උන් වහන්සේ පිළිබඳ මෙ‍පුවත අවට පෙදෙස පුරා පැතිරිණි.

ශු. ලූක් 4:33-37 Sinhala New Revised Version 2018 (SNRV)